පාතාල කල්ලි සාමාජිකයෙකු වූ කොණ්ඩෙ ජනියා සමඟ සබදතා පැවැත්වූ තුන්දෙනෙකු අවි ආයුධ සමගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොරටුව විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අගුලාන දුම්රියපොල ඉදිරිපිට නිවසක් පරීක්ෂා කිරීමේ දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, දේශීයව නිපදවූ කුඩා පිස්තොලයක්, උණ්ඩ 10 ක්, අත්බෝම්බ දෙකක් ඇතුළු අවි ආයුධ මෙහි තිබී සොයා ගැණුනා.
සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතයි.
The post කොණ්ඩෙ ජනියා සමඟ සබදතා පැවැත්වූ තුන්දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment