ඊශ්‍රායලයේ කොරෝනා ව්‍යාප්තිය යළිත් උත්සන්න වී තිබෙනවා.
තත්ත්වය සැලකිල්ලට ගනිමින් මුඛ ආවරණ පැළදීම නැවතත් අනිවාර්ය කිරීමට එරට රජය තීරණයකර තිබෙනවා. එමෙන්ම සෞඛ්‍ය නීති දැඩි කිරීමට ද කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.
කොරෝනා ව්‍යාප්තියේ දෙවන රැල්ලද මනා ලෙස කලමනාකරණය කර ගැනීමට ඊශ්‍රායලයට හැකිවී තිබුණා.
ඉන්දියානු ඩෙල්ටා වයිරස් ප්‍රභේදය පැතිර යාම හේතුවෙන් නැවතත් වයිරස් ව්‍යාප්තිය උත්සන්න වූ බවයි එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.
මේ වන විට ඊශ්‍රායල ජනගහනයෙන් සියයට 55 කට වැඩි ප්‍රතිශතයකට ෆයිසර් කොරෝනා මර්දන එන්නත ලබා දී ඇති බවද සදහන්.
The post ඊශ්‍රායලයේ කොරෝනා ව්‍යාප්තිය යළිත් උත්සන්න වෙයි appeared first on ITN News.
Post a Comment