Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි  

Add comments

කොරෝනා වයිරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා බ්‍රිතාන්‍ය පනවා ඇති සමාජ දුරස්ථභාවය පිළිබඳ නීති කඩ කරමින් කටයුතු කළ එරට සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

කොව්ඩ් පාලනයට බ්‍රිතාන්‍ය රජය නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශන කඩකරමින් පසුගිය මැයි 6 වනදා බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම්වරයා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තුළදී සිය සහායිකාව සිප වැළදගැනීමක් පිළිබඳ බ්‍රිතාන්‍ය පුවත්පත් වාර්තා කර තිබුණා. සෞඛ්‍ය ලේකම්වරයා සිය සහායිකාව සමඟ ඉතා සමීප සබඳතාවක් පැවැත්වූ බවයි පැවසෙන්නේ. වයිරස ව්‍යාප්තිය මැඩ පැවැත්වීමට බ්‍රිතාන්‍ය ජනතාව දැඩි කැප කිරීමක් සිදු කරනමොහොතක තමාගේ ක්‍රියා කලාපය පිළිබඳ අවංකවම කණගාටු වන බව ඔහු අග්‍රමාත්‍ය බොරිස් ජොන්සන් හට ලිපියක් යොමු කරමින් පවසා තිබෙනවා. නව සෞඛ්‍ය ලේකම්වරයා ලෙස හිටපු චාන්සලවරයෙකු වන සාජිඩ් ඩේවිඩ් පත් කර ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරන්නේ.

 

The post බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG