Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අසේල සම්පත්ට තරයේ අවවාදකර ඇප මත මුදාහරී  

Add comments

එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබද සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අසත්‍ය ප්‍රචාර ගෙනයාම හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් අසේල සම්පත්ට තරයේ අවවාදකර ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ක්‍රියා කළා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ද ඇතිව මෙරට නිෂ්පාදනය කිරීමට යෝජිත සිනෝවැක්ස් නැමැති කොරෝනා මර්දන එන්නත සම්බන්ධයෙන් සැකකරු සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රකාශ ගෙනයාම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොරෝනා ව්‍යාප්තිය මැඩලීම සදහා රටපුරා එන්නත්කරණ වැඩපිළි‍වෙළ සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. එහෙත් සැකකරු සිදුකළ පදනම් විරහිත ප්‍රකාශ හේතුවෙන් එම ක්‍රියාවලිය අඩපණවීමේ අවදානමක් පැනනැගී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකරු කිසිදු අවස්ථාවක පැහැර ගැනීමක් සිදු නොකළ බවද ඒ මහතා කියාසිටියා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සැකකරුගේ නිවසට ඊයේ රාත්‍රියේ ගොස් ඔවුන්ගේ අනන්‍යතාව ද තහවුරු කිරීමෙන් පසු අත්අඩංගුවට ගැනීම සිදුවුණා. එහෙත් මෙම නිලධාරීන් තමන් පැහැර ගන්නා බවට අනවශ්‍ය ලෙස කෑගසමින් ප්‍රදේශවාසීන් කුපිත කිරීමට ක්‍රියාකර ඇති බවයි අධිකරණයේ දී ප්‍රකාශ කෙරුණේ.

සැකකරුට කිසිදු ආකාරයේ පහරදීමක් සිදුකර නැති බව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා නිකුත් කළ වාර්තාවේ ද දැක්වෙනවා.

කෙසේ වුවද සැකකරු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය නියෝග කළා. සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ විද්‍යාත්මක හා තාක්ෂණික සාක්ෂි අනුව බවයි පොලීසිය පවසන්නේ.

 

 

The post අසේල සම්පත්ට තරයේ අවවාදකර ඇප මත මුදාහරී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG