ලොවම වෙලාගත් කොරෝනා මාරයාගෙන් නිදහස් වේවායි යන ප්‍රාර්ථනයෙන් විවිධ ආගමික වතාවත් තවදුරටත් සිදුවනවා.
රටට ආශිර්වාද කිරීමේ ප්‍රාර්ථනයෙන් සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනයක් ගොඩකවෙල ශ්‍රී මහින්ද මහා විහාරස්ථානයේදී පැවැත්වුණා. පූජ්‍ය කෝම්පිටියේ ශ්‍රී සුසීම ස්වාමීන්වහන්සේගේ අනුශාසනා පරිදියි පිංකම සංවිධාන කෙරුණේ. මෙම විහාරස්ථානය මගින් වාර්ෂිකව සංවිධාන කරන පොසොන් මහා මිහිදු පෙරහැර මෙවර පැවැත්වූයේ නැහැ.
මේ අතර කොළඹ සිරිමාවේ බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පතිනිය වන ආර් එම් ඒ ආර් හේරත් මහත්මියගේ හා ආචාර්ය මණ්ඩලයේ අදහසකට අනුව පොසොන් බැති ගී ප්‍රසංගයක් ඔන්ලයින් ක්‍රමයට පැවැත්වුණා. දැරියන් විශාල පිරිසක් බැති ගී ප්‍රසංගය සමග එක්වුණා. කොළඹ මහානාම විද්‍යාලය ද ඔන්ලයින් ක්‍රමයට බැති ගී ප්‍රසංගයක් පැවැත්වූවා. දම්සයුරෙන් ගීපැන් දෝතක් යන තේමාව යටතේ යි බැති ගී ප්‍රසංගය සිදුකෙරුණේ.
මහරගම විද්‍යාකර බාලිකා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ පස්වන ශ්‍රේණියේ සිසු දැරියන්ගේ බැතිගී ප්‍රසංගයක් ඔන්ලයින් ක්‍රමයට පැවැත්වුණා. විදුහල්පති කේ එච් චන්ද්‍රලතා මහත්මියගේ මගපෙන්වීම යටතේයි බැති ගී ප්‍රසංගය පැවැත්වුණේ.
රාගම ලීසන්ස් රෝහල සෑම වසරකම පවත්වන ලේ දන්දීමේ පිංකම මෙවරද සාර්ථකව පැවැත්වුණා. ඒ රාගම රෝහලේ ලේ බැංකුවේ කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙනුයි.
කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ප්‍රතිශක්තිකරණය ඇති කරන ඖෂධ වර්ග කිහිපයක් නොමිලේ බෙදාදීමට ආයුර්වෙද වෛද්‍ය විජිත ඉලංගකෝන් මහතා පියවර ගත්තා. පවුල් 1500 ක් සදහා නොමිලේ මෙම ඖෂධ බෙදාදීම විශේෂත්වයක්.
The post කොරෝනා මාරයාගෙන් නිදහස් වේවායි ප්‍රාර්ථනා කරමින් රට පුරා ආගමික වතාවත් appeared first on ITN News.
Post a Comment