Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වැලිකඩ රැඳවුවන් නතර කළ විරෝධතාව යළි අරඹයි  

Add comments

වැලිකඩ බන්ධනාගාරයේ සිර දඩුවම් විදින චැපල් වාට්ටුවේ රැඳවුවන් නතර කළ විරෝධතාව යළි ආරම්භ කර තිබෙනවා.

මරණ දඩුවම ලැබ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රැදවුවන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරයේ වහලයක් මත නැග ආහාර වර්ජනයක් ආරම්භ කළේ පසුගිය 25 වනදායි. ඒ තමාට නියම වී ඇති මරණ දඩුවම වෙනුවට ජීවිතාන්තය දක්වා සිර දඩුවම ලබාදෙන ලෙස ඉල්ලමින්. අනතුරුව එම රැදවුවන්ට සහාය පල කරමින් වැලිකඩ බන්ධනාගාරයේ සිර දඩුවම් නියම වී සිටින තවත්   රැදවුවන්  පිරිසක්ද වහලය මත නැගී විරෝධතාවයට සහාය දැක්වුවා. කෙසේ නමුත් එම වර්ජනය ඊයේ දින පැය කිහිපයකට නවතා දැමීමට ඔවුන් කටයුතු කර තිබුණා. ඒ ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් විෂයබාර රාජ්‍ය අමාත්‍යවරයා සමග සාකච්ඡා කරමින් සිටින බව බන්ධනාගාර නිලධාරීන් ප්‍රකාශ කිරීමත් සමගයි. කෙසේ නමුත් ඊයේ පස්වරුවේ මෙම රැදවුවන් යළිත් බන්ධනාගාරයේ වහලය මත නැග විරෝධතාවයේ නිරත වුණා.

 

 

The post වැලිකඩ රැඳවුවන් නතර කළ විරෝධතාව යළි අරඹයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG