Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පූජ්‍ය බෝදාගම චන්දිම හිමියන්ගෙන් කොවිඩ් මර්දන වෛද්‍ය සහ සෞඛ්‍යාරක්ෂණ උපකරණ තොගයක්  

Add comments

කැලණිය, බොල්ලෑගල මානෙල්වත්ත විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම හිමියන් රුපියල් මිලියන 15ක් වටිනා කොවිඩ් මර්දන වෛද්‍ය සහ සෞඛ්‍යාරක්ෂණ උපකරණ තොගයක් පරිත්‍යාග කරති.

උන්වහන්සේ අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත එම උපකරණ සංකේතාත්මකව භාරදුන්හ.

රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, සෞඛ්‍ය ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ යන මහත්වරු, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ඇතුළු එම සංගමයේ සාමාජිකයෝ පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

The post පූජ්‍ය බෝදාගම චන්දිම හිමියන්ගෙන් කොවිඩ් මර්දන වෛද්‍ය සහ සෞඛ්‍යාරක්ෂණ උපකරණ තොගයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG