Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,604ක් – වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන්  

Add comments

ඊයේ දිනයේ දී මෙරටින් කොරෝනා ආසාදිතයන් එක්දහස් හයසිය හතර දෙනෙකු හමුවුණා. ඒ අතුරින් තිස් අට දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණි අයයි.

ඊයේ දිනයේ හදුනාගත් ආසාදිතයින් 1604 දෙනා අතරින් වැඩිම පිරිස හමුවී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 486ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 279ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 213 ඊයේ හදුනාගත් පිරිසට ඇතුළත්.

මේ අනුව සමස්ත රෝගීන් සංඛ්‍යාව දෙලක්ෂ අසූ නව දහස් පන්සිය හැත්තැ හතක් දක්වා ඉහළ ගියා. මේ අතුරින් දෙලක්ෂ හැට තුන් දහස් හත්සිය පනස් අට දෙනෙකු සුවය ලැබුවා. විසි එක් දහස් නවසිය හතලිස් නව දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා.

කොරෝනා මරණ තුන්දහස් නවසිය දා හතක් සිදුව තිබෙනවා. ඊයේ දිනයේ වාර්තා කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙරේදා තහවුරු කර ඇති කොරෝනා ආසාදිත මරණ හතලිස් හතක් පිළිබද රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරනවා. මියගිය අය අතුරින් විසි හය දෙනෙකු පිරිමි පුද්ගලයන් වන අතර විසි එක් දෙනෙකු කාන්තාවන්. එමෙන්ම මියගිය හතලිස් හත් දෙනා අතුරින් තිස් තුන් දෙනෙකුම වයස අවුරුදු හැටට වැඩි කාණ්ඩයට ඇතුළත්.

එන්නත්කරණ වැඩසටහනද මේ වනවිට සාර්ථකව සිදු වනවා. ඊයේ පස්වරු 8.30 වනවිට කොවිෂීල්ඩ් එන්නත පුද්ගලයන් නව ලක්ෂ විසි පන් දහස් දෙසීය හතලිස් දෙදෙනෙකුට ලබාදී තිබෙනවා. සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇති පිරිස හතලිස් හත් ලක්ෂ අනූ එක් දහස් තිස් නවයක්. ස්පුට්නික් වී එන්නතේ පළමු මාත්‍රාවද එක් ලක්ෂ පනස් නව දහස් අසූ එක් දෙනෙකුට ලබාදී අවසන්. ෆයිසර් එන්නත අනූ එක් දහස් නවසිය අනූ දෙදෙනෙකුටද,  මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව තුන් ලක්ෂ හතලිස් නව දහස් අටසිය හතලිස් අට දෙනෙකුටද ලබාදී තිබෙනවා.

ගනේමුල්ල ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ දී ද කොරෝනා එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක වනවා. වයස අවුරුදු 18 ට වැඩි එමෙන්ම විශ්ව විද්‍යාල දරුවන් වෙනුවෙන් මෙසේ එන්නත් ලබාදීම අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. වැඩිහිටියන්ද ට මෙහිදී එන්නත් ලබා ගත හැකියි.

මාතලේ මහ නගර සභා සීමාව තුළ එන්නත්කරණය සියයට අසූවකින් පමණ අවසන් බව මාතලේ නියෝජ්‍ය නගරාධිපති අමිල නිරෝෂන් මහතා පවසනවා. ශාන්ත තෝමස් විද්‍යාලයේ හා කූඹියන්ගොඩ විහාරස්ථානයේදී ද එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණා.

 

 

 

 

The post ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,604ක් – වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG