මෙරට වරායන්ට පැමිණෙන නැව්වලින් බැහැර කෙරෙන දැවිතෙල් නිසා විශාල පරිසර හානියක් සිදුවන බව හෙළිදරව් වී තිබෙනවා.එයට හේතුව නම් මෙම දැවිතෙල්වලින් ඉවත් කෙරෙන අපිරිසිදු ජලය අවිධිමත්ව පරිසරයට බැහැර කිරීමයි.
නැව්වලින් දැවිතෙල් ඉවත් කිරීමේ ජාත්‍යන්තර ක්‍රමවේදය තුළ එසේ බැහැර කළ හැක්කේ අදාල නැව අවසානයට පැමිණි වරායේ සිට ඊලඟ නැවතුම දක්වා එක් වු දැවිතෙල් පමණි. අපේ රටේ හැර අනෙක් සියලුම රටවල දී කිසියම් නැවක් දැවිතෙල් බැහැර කරන්නේ නම් ඒ රටට සිදුවන පාරිසරික හානිය නිසා අදාල නැව් විසින් ඊට මුදලක් එම රටට ගෙවිය යුතුය. එහෙත් අපේ රටේ සිදුවන්නේ නැව්වලට අපි විසින් මුදල් ගෙවා දැවිතෙල් මිල දී ගැනීමය.
දැවිතෙල් ආශ්‍රිතව සිදු කෙරෙන මෙම අවිධිමත් ක්‍රියාව හේතුවෙන් සිදුවන පාරිසරික හානිය සම්බන්ධව ඊයේ (21) පරිසර අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක් පැවැත්විනි. පරිසර අමාත්යව මහින්ද අමරවීර මහතාගේ ප්රිධානත්වයෙන් පැවැති එම සාකච්ඡාවට පරිසර, මධ්‍යම පරිසර අධිකාරිය, ඛනිජ තෙල් සංස්ථාව, සමුද්‍රීය පාරිසරික ආරක්ෂණ අධිකාරිය හා දැවිතෙල් ආශ්රිපතව ව්යාධපාරයන් හි නිරත පිරිස් ද සහභාගි වූහ.
දැවිතෙල්වලින් ජලය ඉවත් කිරීමේ ක්‍රියාවලිය තුළ එසේ ඉවත් කෙරෙන ජලය ඝෘජුවම බැහැර කරනුයේ ගංගා ඇළදොල වැනි ජල මූලාශ්‍රයන්ටය. එම අපිරිසිදු ජලය එක් ලීටරයකින් පිරිසිදු ජලය ලීටර් 10,000ක් දූෂණය වන බව මෙහිදී හෙළිවිය. එමෙන්ම මෙම ජලයේ අඩංගු ආසනික්, සයනයිඩ් , ඊයම්, හා කැඩ්මියම් වැනි බැරලෝහ පානීය ජලයට එක්වීම නිසා අවසානයේ වකුගඩු දියවීම වැනි මාරාන්තික රෝග රැසකට රටේ ජනතාවට මුහුණ දීමට සිදුව තිබේ.
එම නිසා නැව්වලින් බැහැර කෙරෙන දැවිතෙල් ආශ්‍රිතව සිදු කෙරෙන කර්මාන්තය නිසා ඇතිවිය හැකි පාරිසරික ගැටළු අධ්‍යයනය කිරීමටත් ඒ සඳහා වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් කමිටුවක් පත් කරනු ලැබීය.මෙම කමිටුවට පරිසර අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය, ඛනිජ තෙල් සංස්ථාව, සමුද්‍රීය පාරිසරික ආරක්ෂණ අධිකාරිය හා දැනට මෙම දැවිතෙල් ආශ්‍රිතව ව්‍යාපාරයන් හි නිරත කණ්ඩායම්වල නියෝජිතයෙක්ද පත් කළේය.
නැව්වලින් බැහැර කෙරෙන දැවිතෙල් ආශ්‍රිතව සිදු කෙරෙන කර්මාන්තය නිසා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ආදායමට ද විශාල බලපෑමක් එල්ල වී ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී කීය. දැවිතෙල්වලින් වෙන් කරන ඩීසල් වාහන සඳහා අලෙවි කරයි. එමෙන්ම දැනට මෙම කර්මාන්තයේ නියුතු සමාගම් 08ක් පමණ තිබෙන අතර දැවිතෙල් ගබඩා කරන සමාගම් 02ක් තිබේ. එම සමාගම්වල ගබඩා දැවිතෙල්වලින් පිරි ගොස් පවතින අතර මේ නිසා සිදුවන පරිසර හානිය අතිශයින්ම ඉහළ ගොස් ඇති බවද අමාත්‍යවරයා කීය.
මේ සම්බන්ධව වාර්තාවක් ඉතා කෙටි කාලයක් තුළ ලබා දෙන ලෙසද අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.
මෙම සාකච්ඡාවට අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ද සහභාගි විය.
The post දැවිතෙල් නිසා සිදුවන පරිසර හානිය වැළැක්වීම සඳහා කරුණු සොයා බැලීමට කමිටුවක් appeared first on ITN News.
Post a Comment