Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රජයේ සහතික මිලටම වී මිල දී ගැනීමට මෝල්හිමියන් එකඟ වෙයි  

Add comments

රජයේ සහතික මිළටම වී මිලදී ගැනීමට සහල් මෝල් හිමියන් එකඟ වුණු බව මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා පවසනවා.

මේ අතර දැනට සහල් කිලෝ ග්‍රෑම් එකක් අලෙවි කෙරෙන මිලට වඩා රුපියල් විස්සකටත් වඩා මුදලක් අඩු කර ඉදිරි සති දෙකේදී අලෙවි කිරීමට පියවර ගන්නා බව ආචාර්ය බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ සහ වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහල් මෝල් හිමියන් සමග සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ කෘෂිකර්ම අමාත්‍යංශයේදීයි. එහිදී රජයේ සහතික මිළට වී මිළදී ගැනීම සදහා රජය සමග එකගතාවකට එළඹීමට සියලුම සහල් මෝල් හිමියන් කටයුතු කර  තිබෙනවා. ඒ අනුව ප්‍රමිතියෙන් යුතු නාඩු වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 50 ටත්, සම්බා වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 52 ටත්, කීරි සම්බා වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 55 ක මුදලකටත් මිලදී ගැනීමටයි එකඟ වී ඇත්තේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් වීමෙන් පසු ගොවිජනතාව ආරක්ෂා කිරීමට වී සදහා රජයේ සහතික මිල ඉහළ දැමීමට කටයුතු කළ බව මෙම සාකච්ඡාවට එක් වෙමින් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළා.

මේ සම්බන්ධව අදහස් පළ කරමින් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කළේ තමා වෙළද අමාත්‍ය ධූරය දරන කාලය තුළ ගොවියාත්, පාරිභෝගිකයාත් ආරක්ෂා කර ගැනීමට සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවයි.  එම ක්‍රියාමාර්ග ගැනීම සදහා අදාල පණත් සංශෝධනයට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවද මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා සදහන් කළා. ගොවීන් හා වී මෝල් හිමියන් නොවන වෙනත් පාර්ශවවලට වී තොග රැස් කිරීම තහනම් වන අතර එසේ කළහොත් එම තොග සියල්ලම රජයට පවරා ගැනීමට අවශ්‍ය නීතිමය විධි විධාන යොදන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මේ අතර වැටුප් වැඩි කිරීම් සම්බන්ධව විවිධ පාර්ශ්ව සිදු කරන ඉල්ලීම් පිළිබඳවද අමාත්‍යවරයා අදහස් පළ කළා.

 

The post රජයේ සහතික මිලටම වී මිල දී ගැනීමට මෝල්හිමියන් එකඟ වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG