ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සෞභාග්‍යා පොකුරු නිෂ්පාදන ගම්මානයේ කටයුතු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.
ගලේවෙල වාසල කෝට්ටේ, පිහිල්ලයාය, ගලේගොඩයාය සහ සියඹලාගහවෙල ග්‍රාම සේවා වසම් එක්කරමිනුයි සෞභාග්‍යා පොකුරු නිෂ්පාදන ගම්මානය පිහිටුවා තිබෙන්නේ.
රටපුරා ග්‍රාමීය කර්මාන්ත ශක්තිමත් කිරීමේ අරමුණින් වැඩසටහන ක්‍රියාත්මකයි. ඒ යටතේ මෙම ගම්මානය තුළින් සූකර මාංශ ආශ්‍රිත නිෂ්පාදන කටයුතු ප්‍රවර්ධනය කරමින් ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම අරමුණයි. පවුල් 100 කට පමණ මේ තුළින් ප්‍රතිලාභ සැළසෙනවා.
The post ගලේවෙල පොකුරු නිෂ්පාදන ගම්මානයේ කටයුතු ඇරඹෙයි appeared first on ITN News.
Post a Comment