2003 වසරෙන් පසු දිල්ලි නගරයට වැඩිම වර්ෂාපතනයක් ඇද හැලුණු ජුලි මාසය මෙම වසරේ ජුලි මාසය බව ඉන්දීය කාලගුණ අංශ නිවේදනය කරනවා.
ඊයේ දිනයේ පැය 3 ක කාලයක් ඇතුලත දිල්ලි නගරයට මිලි මීටර් 100 ඉක්මවූ වාර්තාගත වර්ෂාපතනයක් ඇද හැලුණා. 2013 වසරෙන් පසු පැය 24 ක් තුළ ඇද හැලුණු වැඩිම වර්ෂාපතනය ද මෙය වනවා. මෙම මාසයේ මේ වන විට මිලි මීටර් 632 ක පමණ වර්ෂාපතනයක් දිල්ලි නගරයට ලැබී ඇති බවයි කාලගුණ අංශ සදහන් කරන්නේ. පසුගිය දින 10 ක පමණ කාලයක සිට දිල්ලි නගරයට මෝසම් වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. අයහපත් කාලගුණය හේතුවෙන් මහාරාෂ්ට, දිල්ලි ඇතුලු නගර කිහිපයක 160 කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වුණා.
The post දිල්ලි නගරයට මෝසම් වර්ෂාවෙන් දැඩි බලපෑම් appeared first on ITN News.
Post a Comment