කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත අවශ්‍යතාව අනුව අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් ඉදිරියේ දී සලකා බලන බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා. බොහෝ පිරිසක් එන්නත ලබා ගත්තද ඇතැමුන් එය නොසලකා හැර ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
මහනුවර ජාතික රෝහලේ ඉදි කළ කොරෝනා ප්‍රතිකාර වාට්ටු සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා එම අදහස් පළ කළා. සාමාන්‍ය ප්‍රතිකාර ඇදන් සියයකින් සහ දැඩි සත්කාර ඇදන් දහසයකින් මෙම වාට්ටු සංකීර්ණය සමන්විතයි. අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ එන්නත්කරණය සම්බන්ධයෙන් නීති රාමුවක් සකස් කිරීමට අවශ්‍ය වුවහොත් සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කිරීමෙන් පසු එම පියවර ගන්නා බවයි.
The post සෞඛ්‍ය අංශ සමඟ සාකච්චා කිරීමෙන් පසුව එන්නත්කරණයට නීති රාමුවක් appeared first on ITN News.
Post a Comment