Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රි ලංකා – ඕස්ට්‍රේලියා ආරක්‍ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් වේ  

Add comments

මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සදහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ අනෙකුත් නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල දායකත්වය අගය කරන බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියා වැඩබලන මහකොමසාරිස් ඇමෙන්ඩා ජෙවෙල් මහත්මිය පවසනවා.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්ෂක අමාත්‍යාංශයේදී ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා මුණගැසුණු අවස්ථාවේදීයි ඇය මේ බව සදහන් කළේ. කලාපීය ආරක්ෂාව ශක්තිමත්ව හා ස්ථාවරව පවත්වාගැනීම සදහා අන්තර් රාජ්‍ය සම්බන්ධීකරණය කෙරෙහි වැදගත්වන ද්වී පාර්ශ්වික කරුණු රැසක් මෙහිදී සාකච්ඡා කෙරුණා.  සාම්ප්‍රදායික නොවන ආරක්ෂක තර්ජන මැඩ පැවැත්වීම සහ අන්තවාදය තුරන් කිරීම සදහා වූ සාමුහික ප්‍රයත්නයේදී කලාපීය සහ කලාපීය නොවන සෑම රටකටම සහයෝගය ලබා දීමට ශ්‍රී ලංකාව සූදානම් බව ආරක්ෂක ලේකම්වරයා කියා සිටියා.

මධ්‍යස්ථ රාජ්‍යයක් වශයෙන් ශ්‍රි ලංකාව කලාපයේ යහපත උදෙසා නිහඩ කාර්ය භාරයක් ඉටු කරන බවයි ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දුන්නෙන්. උපාය මාර්ගික පිහිටීම උපයෝගී කරගනිමින් නීතිවිරෝධී ක්‍රියාවන්හි නිරත වීමට ශ්‍රී ලංකා භූමිය යොදා ගැනීමට ඉඩ නොතබන බවද කමල් ගුණරත්න මහතා කියා සිටියා.

අන්තවාදය මුලිනුපුටා දැමීමට මෙන්ම මිනිස් ජාවාරම් වැලැක්වීමට මෙරට නාවික හමුදාව ලබා දෙන දායකත්වය සාකච්ඡාවට සම්බන්ධ වූ ඉහළ පෙළේ නිලදාරින්ගේ පැසසුමට ලක්වුණා. ඕස්ට්‍රේලියා ආරක්ෂක උපදේශක කපිතාන් ඉයන් කේන් ඕස්ට්‍රේලියා දේශ සීමා බලධාරී සහ පළමු ලේකම් බ්‍රෙක් සෙන්ඩර් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියා.

මේ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදා රෙජිමෙන්තු විශේෂ බලකාය පළමු වරට සංක්‍රාමික සෙවීම් හා මුදාගැනීමේ පුහුණු අභ්‍යාස තොප්පිගල නරකමුල්ල ප්‍රෙද්ශයේදී පැවැත්වුවා. 11 වන දියකාවා මෙහෙයුමට සමගාමී ලෙසයි මෙම අභ්‍යාසය පැවැත්වුණේ. මිත්‍රශීලී විදේශීය හමුදා සාමාජිකයන් ද දියකාව මෙහෙයුමට එක්ව සිටියා.

 

The post ශ්‍රි ලංකා – ඕස්ට්‍රේලියා ආරක්‍ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් වේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG