Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ට්‍රම්ප් පළුදු කරපු චීන මිතුදම යළිත් තරකර ගන්න බයිඩන්ගේ සූදානමක්  

Add comments

ඇමෙරිකාව සහ චීනය අතර ට්‍රම්ප් පාලන සමයේදී උත්සන්න වූ වෙළෙද යුද්ධය යහපත් මාර්ගයකට අවතීර්ණ වෙමින් පවතිනවා.

ලොව විශාලතම දුරකතන නිෂ්පාදන තාක්ෂණ සමාගමේ මූල්‍ය ප්‍රධානී චීන ජාතික මෙන් වන්ෂු 2018 වසරේ දෙසැම්බර් මස සිට කැනඩාවේ රදවාගනු ලැබුවේ ඇමෙරිකාවේ ඉල්ලීමක් මතයි. මුල්‍යමය තොරතුරු හෙළිදරව් නොකිරීම ඇයට එරෙහිව නැගුනු චෝදනාව වනවා. ඒ තුළින් ඇමෙරිකාව ඉරානයට එරෙහිව පනවා ඇති ආර්ථික සම්බාධක උල්ලංගනය වූ බව ඇමෙරිකාවේ අදහස වී තිබුණා. මේ අතර ඔත්තු බැලිමේ චෝදනා මත කැනේඩියානු ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට  චීනය කටයුතු කළා. ඇමෙරිකාව සහ චීනය අතර ඇතිවූ එකගතාවක් මත දුරකතන නිෂ්පාදන සමාගමේ මූල්‍ය ප්‍රධානී මෙන් වන්ෂු නිදහස් කරන මෙන් ඇමෙරිකාව මීට දින කිහිපයකට පෙර කැනඩාවෙන් ඉල්ලීමක් කළා. ඒ අනුව කැනඩා අධිකරණය ඊයේ ඇය නිදහස් කළ අතර අද දින ඇය චීනය බලා ගමන් කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් චීනයේ රදවාගෙන සිටි කැනේඩියානු ජාතිකයන් දෙදෙනා ද  නිදහස් කර යැවීමට චීනය  තීරණය කර තිබෙනවා.

 

The post ට්‍රම්ප් පළුදු කරපු චීන මිතුදම යළිත් තරකර ගන්න බයිඩන්ගේ සූදානමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG