ඊශ්‍රායලය සහ පලස්තීනය අතර යළි ගැටුම් උත්සන්න වී තිබෙනවා.
ඊශ්‍රායලය සහ පලස්තීන දේශසීමාවේ පිහිටි බටහිර තීරයේ ඉදිකර ඇති ජනාවාස සම්බන්ධයෙන් විරෝධතාවක නිරතවුණු පලස්තීනුවන්ට ඊශ්‍රායලය රබර් උණ්ඩ යොදාගනිමින් ප්‍රහාර එල්ලකර තිබෙනවා. එහිදී එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා.
විරෝධතාකරුවන් නගරය මැද ටයර් පුළුස්සමින් ගල් ප්‍රහාර එල්ලකිරීමත් සමග ඔවුන්ව පාලනය කිරීමට රබර් උණ්ඩ යොදාගනිමින් ප්‍රහාර එල්ල කළ බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
1967 මැදපෙරදිග යුද්ධයේ දී ඊශ්‍රායලය අත්පත්කරගත් බටහිර තීරයේ පලස්තීනුවන් ජනාවාස තනාගැනීමට කටයුතු කිරීම හේතුවෙන් දෙරට අතර නිරන්තරයෙන් ගැටුම් වාර්තා වනවා.
The post ඊශ්‍රායලය සහ පලස්තීනය අතර යළි ගැටුම් උත්සන්න වෙයි appeared first on ITN News.
Post a Comment