කොළඹ මහ නගර සභා සීමාවේ පිහිටි ලියාපදිංචි නොකළ පෞද්ගලික දේපළ ලියාපදිංචි කරන ලෙස දේපළ හිමිකරුවන් වෙත දන්වා තිබෙනවා.
කොළඹ නාගරික කොමසාරිස් නීතිඥ රෝෂීණි දිසානායක මහත්මිය මෙම දැනුම් දීම සිදුකර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ. දේපළ වල අයිතිය සුරක්ෂිත කර ගැනීම සදහා නගරසභාවේ ලියාපදිංචි කිරීම අත්‍යවශ්‍ය වනවා.
නාගරික කොට්ඨාසවලට අදාලව මේ දක්වා ලියාපදිංචි වී නැති දේපල පිළිබද තොරතුරු කොළඹ මහනගර සභාවේ ඩබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව් ටොට් කොලම්බූ ඩොට් එම් සී ඩොට් ජීඕවී ඩොට් එල් කේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකියි.
නොවැම්බර් මස 30 වන දිනට පෙර ලියාපදිංචිය සිදුකර ගැනීම අනිවාර්ය වනවා.
The post කොළඹ මහ නගර සභා සීමාවේ ලියාපදිංචි නොකළ පෞද්ගලික දේපළ ලියාපදිංචි කරන්නැයි දැනුම් දීමක් appeared first on ITN News.
Post a Comment