දේශීය කුළුබඩු මන්දිරයේ 11 වන ශාඛාව සෙවනගල සීනි කර්මාන්ත ශාලා පරිශ්‍රයේ දී විවෘත කෙරුණා. ඒ ශෂීන්ද්‍ර රාජපක්ෂ හා ජානක වක්කුඹුර යන රාජ්‍ය අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන්.
දුෂ්කර ප්‍රදේශවල ගොවි ජනතාවගේ නිෂ්පාදන පහසුවෙන් අලෙවි කිරීමේ අවස්ථාව සැලසීම මෙන්ම ගොවි ජනතාවට උපරිම මිලක් ලබාදීම ද මෙහි අරමුණක්. ගුණාත්ම කුළුබඩු වෙළෙදපොලට නිකුත් කිරීම මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත යොමුකිරීම ද මේ තුළින් සිදුවනවා. මෙතෙක් අක්‍රීය තත්ත්වයේ පැවති කුළුබඩු මන්දිරය ජනාධිපතිතුමාගේ උපදෙස් මත නව දැක්මක් යටතේ මේ වනවිට ක්‍රියාත්මක වනවා. කුළුබඩු මන්දිරය විවෘත කිරීමට සමගාමීව සෙවනගල ප්‍රදේශයේ ගොවි ජනතාවට අඹපැල දහසක් බෙදාදීම ද සිදුකෙරුණා.
The post දේශීය කුළුබඩු මන්දිරයේ 11 වන ශාඛාව විවෘත කෙරේ appeared first on ITN News.
Post a Comment