දකුණු පළාතේ ධීවර ජනතාවට සහන ලබාදෙමින් රුපියල් මිලියන 50 කට වැඩි වටිනාකමින් යුතු ධීවර ආම්පන්න ලබාදීම සිදුකෙරුණා.
ධීවර ජනතාව වෙත ධීවර ආම්පන්න ලබාදීම පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. දකුණු පළාත් ධීවර අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් මෙම කටයුතු සිදුකෙරුණා. දකුණු පළාතේ පළාත් පාලන ආයතන 19 ක් සඳහා උපකරණ ලබාදුන්නා.
මේ අතර බුලත්සිංහල ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල් 713 ක් සඳහා ප්‍රතිලාභ ලබාදීම සිදුකෙරුණා. ඒ සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වැයකළ මුදල රුපියල් මිලියන 242 ක්. පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් වර්ණ කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු සිදුවූ අතර විශාල පිරිසක් ඊට එක්ව සිටියා.
The post දකුණු පළාතේ ධීවර ජනතාව වෙනුවෙන් රුපියල් මිලියන 50කට වැඩි වටිනාකමින් යුතු ධීවර ආම්පන්න appeared first on ITN News.
Post a Comment