ගෝලීය ඉන්ධන මිලෙහි වාර්ෂික ඉහළයාම වසර 12 කට පසු 2021 වසරේ දී ඉහළම අගය ගෙන තිබෙනවා.
පසුගිය මාසය තුළ දී ගෝලීය ඉන්ධන මිල පහළ ගියද ඉන්ධන මිලෙහි වාර්ෂික ඉහළයාම් සළකා බැලීමේ දී එය ඉතා ඉහළ අගයක් ගෙන තිබෙනවා. වාර්ෂිකව ඉන්ධන මිල ඉහළ යාමේ වැඩිම අගය පසුගිය වසරේ දී වාර්තා වූයේ 2009 වසරට පසුවයි. 2021 වසරේ දී ඇමෙරිකාවේ නිව්යෝර්ක් කොටස් වෙළෙඳපොලේ ඉන්ධන මිල 55%කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම බැරන්ට් බොරතෙල් බැරලයක මිල ද පසුගිය වසර තුළ දී 50% කින් පමණ ඉහළ ගොස් ඇති අතර එය වසර 5 කට පසු වාර්තා වූ ඉහළම අගයයි. කොරෝනා වසංගතය හේතුවෙන් අවම කෙරුණු බොරතෙල් නිෂ්පාදනය මේ වනතෙක් යථා තත්ත්වයට පත්කර නැහැ. ලොව බොහෝ රටවල් නිෂ්පාදන කටයුතු යළි ආරම්භ කර ඇති අතර ඒ සමඟම ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට නොහැකිවීමෙන් මෙලෙස ඉන්ධන මිල ඉහළ යාමට හේතුවී තිබෙනවා. ඇමෙරිකාවේ ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා ඩොලර් 75.21 ලෙස සඳහන් වූ අතර එය 2.3% ක ඉහළ යාමක්. එමෙන්ම බ්‍රිතාන්‍යයේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා ඩොලර් 77.78 ක් වන අතර එය 2.2 %කින් ඉහළ යාමක් ලෙසයි සැලකෙන්නේ.
The post වසර 12කට පසු ගෝලීය ඉන්ධන මිලෙහි ඉහළම අගය 2021 වසරේ දී වාර්තා වෙයි appeared first on ITN News.
Post a Comment