පොහොර ගැටලුව ඇතුළු ප්‍රශ්න රැසකට අප්‍රේල් මාසය වනවිට විසඳුම් ලබාදීමට හැකිවන බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. පොහොර ආනයනය කරමින් බිලියන ගණනින් කොමිස් ලබාගත් පුද්ගලයින් නිසා කාබනික පොහොර වැඩපිළිවෙළ අකර්මණ්‍ය වූ බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
මේ අතර අර්තාපල් සහ ලොකු ලූනු ආනයනික බදු අඩුකිරීම හේතුවෙන් එම මිල ගණන් පහළ ගොස් ඇති බව ව්‍යාපාරිකයින් පවසනවා. ආනයනික අර්තාපල් සහ ලොකු ළූණු සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩු කිරීමට රජය තීරණය කළා. ආනයනික අර්තාපල් සහ ලොකු ළූණු සඳහා වූ විශේෂ වෙළෙඳභාණ්ඩ බද්ද කිලෝග්‍රෑම් 1කට රුපියල් 30කින් අඩු කිරීමටයි පියවර ගැණුනේ. පාරිභෝගික ජනතාවට සහන සැලසීම වෙනුවෙන් මෙම තීරණය ගත් බව මුදල් අමාත්‍යංශය සඳහන් කළා.අර්තාපල් සහ ලොකු ලූනු ආනයනික බදු අඩු කිරීම තුළින් එම මිල ගණන් පහළ ගොස් ඇති බව පිටකොටුව තොග මෙන්ම සිල්ලර වෙළෙදුන් ද පවසනවා.
මේ අතර එළවළු මිල ගණන් පිළිබද සොයා බැලීම සදහා දෙල්කද පොලේ අප නිෂ්පාදන කණ්ඩායම සිදුකළ සංචාරයේ දී රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ද භාණ්ඩ මිලදී ගැනීම සඳහා පැමිණ සිටි ආකාරය දැකගැනීමට හැකිවුණා.
The post පොහොර ගැටලුව ඇතුළු ප්‍රශ්න රැසකට අප්‍රේල් මාසය වනවිට විසඳුම් appeared first on ITN News.
Post a Comment