Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නව පාසල් වාරය සඳහා සියලු පාසල් හෙට විවෘත වෙයි  

Add comments

දිවයිනේ සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් හෙට දිනයේ යළි ආරම්භ කෙරෙනවා. කල්දැමූ විභාග සියල්ල නියම කළ දිනයන්හි පවත්වන බවයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ.

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා පසුගිය දෙසැම්බර් 23 වනදා නිවාඩු ලබාදුන් අතර එම පාසල් හෙට දිනයේ යළි ආරම්භ කෙරෙනවා. සෞඛ්‍ය නීතිරීතිවලට අනුව පාසල් පැවැත්විය යුතු ආකාරය පිළිබඳ විදුහල්පතිවරුන්ට ලබාදී ඇති උපදෙස්වලට අනුව පාසල් පැවැත්වෙනු ඇති. කොරෝනා ව්‍යසනය හේතුවෙන් කල්දැමුණු විභාග හැකි ඉක්මනින් පවත්වන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

මේ අතර සමස්ත ලංකා අන්තර් පළාත් පොදු පාසල් ළමයින් ප්‍රවාහන සංගමය මාධ්‍ය හමුවක් පවත්වමින් කියාසිටියේ පාසල් ළමයින් ප්‍රවාහන ගාස්තු 20%කින් ඉහළ නැංවීමට තීරණය කළ බවයි.

The post නව පාසල් වාරය සඳහා සියලු පාසල් හෙට විවෘත වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG