Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

2021 වසරේ චීනයේ විදේශ ප්‍රාග්ධන සැබෑ භාවිතය චීන යුවාන් ට්‍රිලියනය ඉක්මවයි  

Add comments

චීන වාණිජ අමාත්‍යංශය ඊයේ(13) පළ කළ සංඛ්‍යාලේඛනයකට අනුව, 2021 වසරේ චීනයේ විදේශ ප්‍රාග්ධන සැබෑ භාවිතය චීන යුවාන් ට්‍රිලියන 1.1 ඉක්මවයි. මෙය නව ඓතිහාසික වාර්තාවක් නිර්මාණය කර ඇති අතර ආයෝජන ආකර්ෂණ පරිමාණය හා ගුණාත්මකභාවය වැඩි දියුණු වීම එමගින් පිළිබිඹු වේ.

2021 වසරේ චීනයේ විදේශ ප්‍රාග්ධන සැබෑ භාවිතය චීන යුවාන් බිලියන 1149.4ක් පමණ වූ අතර එය පසුගිය කාලසීමාවට වඩා 14.9% වැඩි වීමකි.

“එක් තීරයක් එක් මාවතක්”ව්‍යපෘති ක්‍රියාත්මක රටවල් හා ආසියාන් සංවිධානය, චීනය වෙත කරන ආයෝජන වේගයෙන් වර්ධනය වෙමින් පවතී. සැබෑ ආයෝජන වෙන් වෙන් ව පසුගිය කාලසීමාවට වඩා 29.4% ක් හා 29% කින් වැඩි විය. මෙම සංඛ්‍යා චීන දේශයේ සාමාන්‍ය අගයට වඩා වැඩිය.

චීනයේ නැඟෙනහිර, මධ්‍යම සහ බටහිර යන කලාපවල ආයෝජන ආකර්ෂණය සම්පූර්ණයෙන් වර්ධනය වී ඇති අතර, එය පසුගිය කාලසීමාවට වඩා 14.6%, 20.5% සහ 14.2% ක වැඩිවීමකි.

The post 2021 වසරේ චීනයේ විදේශ ප්‍රාග්ධන සැබෑ භාවිතය චීන යුවාන් ට්‍රිලියනය ඉක්මවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG