කසකස්තානයේ හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය සමඟ ඇතිවූ ගැටුම්වලින් මියගිය සංඛ්‍යාව 225 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කසකස්තානයේ භාණ්ඩ හා සේවා මිල ඉහළයාමත් සමඟයි මෙම ගැටුම් හටගත්තේ. කෙසේ වුවද විදේශීය ත්‍රස්තවාදී හා අන්තවාදී කණ්ඩායම් කසකස්තානයේ අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය කිරීමට මුලීක වී ඇති බව පසුව සිදුකළ පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා. රට තුළ දේශපාලන අස්ථාවරත්වයක් ඇතිකර ජනජීවිතය අර්බුදකාරී තත්ත්වයකට පත්කිරීම ඔවුන්ගේ අරමුණ වී ඇති බවයි මෙහිදී හෙළිවුණේ. කෙසේ වුවද රුසියාවේ සහයෝගය මත තත්ත්වය පාලනය කිරීමට එරට ජනාධිපතිවරයා සමත්වුණා. ගැටුම් සඳහා පුද්ගලයින් පනස්දහසක් පමණ සහභාගිවී ඇති බවයි ආරක්ෂක අංශ පවසන්නේ.
The post කසකස්තානයේ ගැටුම්වලින් මියගිය සංඛ්‍යාව 225ක් දක්වා ඉහළට appeared first on ITN News.
Post a Comment