Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එක රටක් එක නීතියක් සංකල්ප පත්‍රිකාව ඉතා ඉක්මනින් ජනපතිට  

Add comments

එක රටක් එක නීතියක් සංකල්පය යථාර්ථයක් බවට පත් කිරීමට ජනාධිපති කාර්යසාධක බලකායට හැකි වන බවට ජනතාව අතර ලොකු බලාපොරොත්තුවක් ඇති බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ පවසනවා. ඊට පූර්ණ සහයෝගය ලබාදීමට මහා සංඝරත්නයත් ඉදිරිපත් වී සිටිනවා.

පසුගියදා මේ  පිළිබඳ මහා සංඝරත්නය දැනුවත් කිරීමේ විශේෂ සම්මන්ත්‍රණයක් භික්ෂූන් වහන්සේ අසූපස් නමකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා. ඒ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී.

එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බළකායට මේ වන විට සිව් දෙසින් අදහස් හා යෝජනා ලබා ගැනීම සිදු කෙරෙනවා. ඊට සිවිල් සංවිධාන, දේශපාලන පක්ෂ, සමාජ ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් ඉතා උනන්දුවෙන් ලිඛිතව සහ වාචිකව අදහස් හා යෝජනා ලබා දි තිබෙනවා.

The post එක රටක් එක නීතියක් සංකල්ප පත්‍රිකාව ඉතා ඉක්මනින් ජනපතිට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG