Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගතවූ පැය 24ට වැඩිම කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව ඇමෙරිකාවෙන් වාර්තා වෙයි  

Add comments

ගතවූ පැය 24ට ලොවපුරා රටවල් 222 කින් හමුවී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 24 ඉක්මවා තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 5,698 ක්.

ඊයේ දිනයේ දී වැඩිම ආසාදිතයින් හා මරණ සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ ඇමෙරිකාවෙන්. ආසාදිතයින් ලක්ෂ 4කට අධික සංඛ්‍යාවක් ද මරණ 886 ක් ද ගතවූ පැය 24 තුළදී ඇමෙරිකාවේ සිදුව තිබෙනවා. එමෙන්ම ප්‍රංශයෙන් තුන්ලක්ෂ විසිහතර දහසක් ඉන්දියාවෙන් දෙලක්ෂ හැටඅට දහසක් , ඉතාලියෙන් එක්ලක්ෂ අසූදහසක් හා ආර්ජන්ටිනාවෙන් අනූහය දහසක් ලෙස ආසාදිතයින් හමුවූ බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. ඒ සමඟම ලොව පුරා සමස්ත වයිරස ආසාදිතයින් සංඛ්‍යාව තිස්දෙකෝටි හැටඅට ලක්ෂයකට ආසන්න වනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව පනස් පන්ලක්ෂ පනස් තුන්දහස් හත්සිය තිස්හතරක්.

 

 

 

The post ගතවූ පැය 24ට වැඩිම කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව ඇමෙරිකාවෙන් වාර්තා වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG