Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොළඹ තාවකාලික පදිංචිකරුවන් ලියාපදිංචි කිරීම අද දිනයේත්  

Add comments

කොළඹ නගරයේ තාවකාලික පදිංචිකරුවන් ලියාපදිංචි කිරීම අද දිනයේත් සිදු කෙරුණා.

ජාතික ආරක්ෂාව තහවුරු කිරීම, කොළඹ නගරයේ මත්ද්‍රව්‍ය හා අපරාධ දුරලීම ඇතුළු අරමුණු කිහිපයක් ඇතුවයි මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන්නේ. දෙමටගොඩ මිහිදුසෙන්පුර නිවාස සංකීර්ණයෙන් ඊයේ මෙම වැඩසටහන ආරම්භ කෙරුණා. ප්‍රජා පොලිස් නිලධාරීන් නිවෙස් වෙත ගොස් තාවකාලික පදිංචිකරුවන්ගේ තොරතුරු ලබාගෙන දත්ත පද්ධතියකට එක් කිරීම එම ස්ථානයේදීම සිදු කළා.

හෙට දිනයේත් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත වැඩසටහන ක්‍රියාත්මක වනවා.

 

 

 

 

The post කොළඹ තාවකාලික පදිංචිකරුවන් ලියාපදිංචි කිරීම අද දිනයේත් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG