මෙරට සංවර්ධන සංග්‍රාමයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර අද සවස ජනතා අයිතියට පත් කෙරෙනවා.
දේශීය ඉංජිනේරු දැනුම සහ දේශීය සම්පත් යොදාගනමින් ඉදි කළ ඇතුගල්පුර පිවිසුමේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටසයි ජනාධිපතිතුමන්ගේ සහ අගමැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද මෙලෙස ජනතා අයිතියට පත්වන්නේ.
මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ ඉදිවන මධ්‍යම අධිවේගී මාර්ගය අදියර 04 කින් සමන්විතයි. කඩවත සිට මීරිගම දක්වා කිලෝමීටර් 37 ක්. මීරිගම සිට කුරුණෑගල දක්වා කිලෝමීටර් 40.9 යි. පොතුහැර සිට ගලගෙදර දක්වා 32.5 ක්. කුරුනෑගල සිට දඹුල්ල දක්වා කිලෝමීටර් 60.3 ක් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස විවෘත වන මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස මංතීරු 4 කින් සමන්විතයි.
මුදල් ගෙවීමේ කවුලු සහිත ප්‍රවේශ ස්ථාන ලෙස මීරිගම, නාකලගමුව, දම්බොක්ක, කුරුනෑගල සහ යග්ගහපිටිය අන්තර් හුවමාරු මධ්‍යස්ථාන ක්‍රියාත්මක වනවා. මීරිගම සිට කුරුණෑගල දක්වා මෙම මාර්ග කොටස දැනට ශ්‍රී ලංකාවේ අලංකාරම අධිවේගී මාර්ග කොටස ලෙස හදුන්වනවා. දේශීය අරමුදල් යොදවා දේශීය කොන්ත්‍රාත්කරුවන් මගින් මෙම මාර්ග කොටස ඉදිකර තිබීම් විශේෂත්වයක්.
2014 වසරේ දෙසැම්බර් 14 වනදා එවකට ජනාධිපති, වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කළා. කෙසේ වෙතත් පැවති යහපාලන ආණ්ඩුව යටතේ මෙහි ඉදිකිරීම් තාවකාලිකව නතර කෙරුණා. නැවතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට පත්වී වසර දෙකක් ඇතුළත මෙලෙස ඉදිකළ ඇතුගල්පුර පිවිසුම අද සවස 4.30ට ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි. එම අවස්ථාව ස්වාධීන රූපවාහිනිය ඔස්සේ සජීව ලෙස විකාශය කෙරෙනවා.
The post මධ්‍යම අධිවේගයේ මීරිගම-කුරුණෑගල කොටස අද සවස ජන අයිතියට appeared first on ITN News.
Post a Comment