Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අසිරිමත් ශීත ඍතු ඔලිම්පික් උළෙලක් පිළිබඳ ලෝකයේ අපේක්ෂාව ඉටුකිරීමට චීනය සූදානම්  

Add comments

චීන මාධ්‍ය සමූහයේ උතුරු ‍ඇමරිකානු වාර්තාකරණ මධ්‍යස්ථානය, පසුගියදා ඇමරිකාවේ වොෂින්ටන්හි ක්‍රීඩාගාරයකදී සිදු කළ බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් උළෙලේ ප්‍රචාරක මෙහෙයුම් සිදු කළේය. චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා ශීත ඍතු ඔලිම්පික් උළෙල සඳහා වීඩියෝ ආකාරයෙන් ඇමරිකානු ජනතාවට ආරාධනාවක් කළේය.

තමා එම ප්‍රචාරක මෙහෙයුමේ වීඩි‍යෝව නැරඹූ බවත්, ඇමරිකානු ප්‍රේක්ෂකයන්ගෙන් පළ වූ උණුසුම් ප්‍රතිචාර ඉන් දුටු බවත් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා මාධ්‍ය අමතමින් පැවසීය. අසිරිමත් ශීත ඍතු ඔලිම්පික් උළෙලක් පිළිබඳව ලෝකය අපේක්ෂාවෙන් සිටින බවත්, චීනය ඊට සූදානම් ව සිටින බවත් හෙතෙම සඳහන් කළේය.

දැනට බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් උළෙලේ පූර්ව සූදානම් කටයුතු ප්‍රශස්ත ලෙස අවසන් වී ඇත. ඔලිම්පික් ජීවගුණය සුරකිමින්, විවිධ පාර්ශ්වයන්ගේ පොදු උත්සාහය ඇතිව, සරල, සුරක්ෂිත, අපූරු ඔලිම්පික් උළෙලක් ලොවට තිලිණ කිරීමට චීනයට හැකි වන අතර වසංගතයට මුහුණ පා සිටින ලෝක වාසීන්ට සමගිය, විශ්වාසය හා ශක්තිය ද ගෙනෙනු ඇතැයි විශ්වාස කරන බව  ඔහු ප්‍රකාශ කළේය.

 

The post අසිරිමත් ශීත ඍතු ඔලිම්පික් උළෙලක් පිළිබඳ ලෝකයේ අපේක්ෂාව ඉටුකිරීමට චීනය සූදානම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG