ඔලිම්පික් උළෙල, ලෝක සාමය ප්‍රවර්ධනය පිළිබඳ ක්‍රීඩාවේ කාර්යභාරය විදහාපාන බවට UN මහලේකම්වරයාගෙන් ප්‍රකාශයක්
ඔලිම්පික් උළෙල, ලෝක සාමය ප්‍රවර්ධනය පිළිබඳ ක්‍රීඩාවේ කාර්යභාරය විදහාපාන බවට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගෙන් ප්‍රකාශයක්
ඔලිම්පික් ක්‍රීඩා උළෙල අතිශය වැදගත් අවස්ථාවක් බවත්, මානව සමගිය හා ලෝක සාමය ප්‍රවර්ධනය පිළිබඳ ක්‍රීඩාවේ කාර්යභාරය එමගින් විදහාපාන බවත් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා පසුගිය13වැනිදා මාධ්‍ය අමතමින් ප්‍රකාශ කළේය. තමා කිසිදු දේශපාලන මතවාදයකින් තොරව බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් උළෙලේ සමාරම්භක අවස්ථාවට එක් වන බව ද ඔහු කියාසිටී. ඔලිම්පික් ක්‍රීඩා උළෙල, ලෝක සාමය ප්‍රවර්ධනය කරන අවස්ථාවක් බව එමගින් පැහැදිලි කිරීමට තමා කැමති බව ද ගුටරෙස් මහතා පැවසීය.
මේ අතර, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා චීනයට පැමිණ බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයට එක් වීම චීනය පිළිගන්නා බව, චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා ප්‍රකාශ කර ඇත.
The post ඔලිම්පික් උළෙල, ලෝක සාමය ප්‍රවර්ධනය පිළිබඳ ක්‍රීඩාවේ කාර්යභාරය විදහාපාන බවට UN මහලේකම්වරයාගෙන් ප්‍රකාශයක් appeared first on ITN News.
Post a Comment