Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අභිනව අමරපුර මහ නාහිමියන්ට අක්තපත්‍ර පිළිගැන්වෙයි  

Add comments

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක අතිපූජ්‍ය දොඩම්පහල ශ්‍රී චන්දසිරි ස්වාමීන්වහන්සේට උත්තරීතර මහානායක පදවිය පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානෝත්සවය ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

දොඩම්පහල ශ්‍රී චන්දසිරි ස්වාමීන්වහන්සේ අමරපුර මහානිකායේ 4 වන මහානායක ස්වාමීන්වහන්සේයි. මහානායක ධුරයට අදාළ සන්නස්පත්‍රය උන්වහන්සේට පිලිගැන්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  මැතිතුමා අතින් සිදු කෙරුණා. විජිනිපත පිළිගැන්වූයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතායි. ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ වෙබ් අඩවිය එළිදැක්වීම ද   මෙහිදී සිදු කෙරුණා. බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේ පැවැති මෙම උත්සවයේදී ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යවරයා ඇතුළු කිහිප දෙනෙකුගේ සුභාශිංසන පිරිනැමුවා.

ත්‍රෛනිකායික මහාසංඝරත්නය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  මහතා මෙන්ම මැති ඇමතිවරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

The post අභිනව අමරපුර මහ නාහිමියන්ට අක්තපත්‍ර පිළිගැන්වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG