Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය අවසන්  

Add comments

දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (14) දහවල් හදිසියේ යලි ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය එම සංගමයේ උප සභාපතිවරයා යළි සේවයේ පිහිටුවීමට කටයුතු කිරීමත් සමඟ අවසන් කර තිබෙනවා.

දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ සංකේතාත්මක වැඩවර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රී 12 න් අවසන්  වුණා. එහෙත් තම සංගමයේ උපසභාපතිවරයාගේ වැඩ තහනම් කිරීම හේතුවෙන් යළි වෘත්තීය ක්‍රියාමාර්ගයට අද දහවල් 12 සිට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය එළඹුණා. වෘත්තීය සමිති සහ පාලනාධිකාරියේ කඹ ඇදිල්ල හේතුවෙන් අතරමග නතරවුණු දුම්රිය සේවාව නිසා දීර්ඝ සති අන්තයේ විවිධ දේ සදහා ගමන් කළ මගීන් ලක් වුණේ දැඩි අසීරුතාවට පත්වුුුණා.

හිටිහැටියේ ආරම්භ කළ දුම්රිය වර්ජනය හේතුවෙන් ඇතැම් ස්ථානවල සිදුවන්නට ගිය අනතුරු පිළිබදවත් අපට වාර්තා වුණා.

දුම්රිය වර්ජනය හේතුවෙන් අතරමං වුණු ජනතාව සදහා දුම්රිය ටිකට් පත්වලටම ගමනාගමන මණ්ඩලයේ ප්‍රවාහන පහසුකම් සැලසීමට පියවර ගෙන තිබුණා.

මගී ජනතාවගේ සහ දුම්රිය නිලධාරීන්ගේ මෙන්ම රාජ්‍ය දේපළවල ආරක්ෂාව සදහා විශේෂ පොලිස් ආරක්ෂාවක්ද දුම්රිය ස්ථානවලට යොදවා තිබුණා.

වර්ජනය හේතුවෙන් උඩරට මාර්ගයේ ධාවන කටයුතු නතර වීමෙන් ශ්‍රී පාද වන්දනාවට ගිය බැතිමතුන් මෙන්ම විදේශිකයන් ද දැඩි අපහසුතාවට පත්වුණා. කොටගල දුම්රිය ස්ථානයේ නොසන්සුන්තාවයක් ද ඇතිවූ බවයි අප වාර්තා කරුවන් පවසන්නේ.

වර්ජනය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ප්‍රකාශ කළේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් මෙම වර්ජනයට එළඹීමට සිදුවූ බවයි.

මේ අතර දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ නිලධාරීන් දුම්රිය රියදුරන්ගේ සංගමයේ නිලධාරීන්ට පහරදීමක් සම්බන්ධයෙන් මරදාන පොලිසියට කරතිබූ පැමිණිල්ල සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම අද මරදාන පොලිසියට කැඳවා තිබුණා.

කෙසේ වෙතත් අද සන්ධ්‍යාවේදී විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා සදහන් කළේ, අදාළ වැඩ වර්ජනය අත්හිටවූ බවයි.

 

The post දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය අවසන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG