සංචාරක කර්මාන්තය යථාතත්ත්වයට පත්වීම සහ අපනයන ඉහළ යාම හේතුවෙන් රටේ ගැටලු රැසකට විසඳුම් ලැබෙන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා.
රුපියල් ලක්ෂ 720 ක් වැයකරමින් ඉදිකළ රුවන්වැල්ල මල අපවහන පිරිපහදු පද්ධතිය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා එම අදහස් පළකළා. මෙම ව්‍යාපෘතිය විවෘත කිරීමත් සමඟ කෑගල්ල දිස්ත්‍රික්කයේ සෙසු පළාත්පාලන ආයතන රැසකට අපද්‍රව්‍ය බැහැර කිරීමේ පහසුකම් සැලසෙනවා. රාජ්‍ය අමාත්‍ය කණක හේරත් මහතා ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
The post රුවන්වැල්ල මල අපවහන පිරිපහදු පද්ධතිය විවෘත කෙරේ appeared first on ITN News.
Post a Comment