Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මින්නේරිය වනෝද්‍යානයේ නිධන් හෑරූ හතර දෙනෙකු අත්අඩංගුවට  

Add comments

මින්නේරිය ජාතික වනෝද්‍යානයට ඇතුළුවී නිධන් හැරීමට සූදානම් වූ පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට හැකිවුණා.

මින්නේරිය ජාතික වනෝද්‍යානයට අයත් ගිරිතලේ මින්නේරිය ස්වභාවික රක්ෂිතයට නීතිවිරෝධීව ඇතුළුවෙමින් නිධන් සොරකමේ නිරතවීමට මෙම පුද්ගලයින් උත්සාහදරා තිබෙනවා. සැකකරුවන් හතර දෙනෙකු , ගල්විදින උපකරණ , විදුලි ජනන යන්ත්‍ර ,වෙඩි බෙහෙත් , ගල්බෝර ,උදලු සහ තවත් උපකරණ මෙහිදී අත්අඩංගුවට ගැණුනා. මින්නේරිය ජාතික වනෝද්‍යානයේ නිලධාරීන් කණ්ඩායමකුයි අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ. තවත් සැකකරුවන් 4 දෙනෙකු වැටලීම අතරතුරදී පලාගොස් තිබෙනවා. සැකකරුවන් සමඟ උපකරණ තොගය හිගුරක්ගොඩ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුවන් දින 14 ක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

 

 

 

The post මින්නේරිය වනෝද්‍යානයේ නිධන් හෑරූ හතර දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG