Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බලහත්කාර රාජ්‍යතාන්ත්‍රික භාවය ඇමරිකාවේම නිමැවුමක්  

Add comments

චීනය හා ලිතුවේනියාව අතර සබඳතාව අර්බුදයකට පාත්‍ර විය. ඊට හේතුව පැහැදිලිය. එනම් ලිතුවේනියානු රජය සිය පොරොන්දු කඩා බිඳ එකම චීනය මූලධර්මය උල්ලංඝනය කිරීමයි. එය ජගත් ප්‍රජාවේ පුළුල් සැකය හා විරෝධතාවට ලක්විය. චීනය ලිතුවේනියාවේ ක්‍රියාවට එරෙහිව ප්‍රතිපියවර ගෙන ඇත. එහෙත් චීනය විසින් ගනු ලැබූ සාධාරණ පියවර ඇතැම් ඇමරිකානු නිලධාරීන් විසින් ‘බලහත්කාර රාජ්‍යතාන්ත්‍රිකත්වය’ ලෙස හුවා දක්වනු ලැබීය.

ඇමරිකාව විසින් චීනය සිය ජාතික ස්වාධිපත්‍යය ආරක්ෂා කිරීමට ගත් සාධාරණ පියවරවලට ‘බලහත්කාර රාජ්‍යතාන්ත්‍රිකත්වය’ යන ලේබලය දැමීම, සැබැවින්ම  සොරකම් කළ අයම සොරුන් අල්ලා ගන්නා ලෙසට ආයාචනා කිරීමක් වැනිය.

‘බලහත්කාර රාජ්‍යතාන්ත්‍රිකත්වය’ සැබැවින්ම ඇමරිකාවට ආවේණික යෙදුමකි. එය ප්‍රථමයෙන්ම ඉදිරිපත් කරනු ලැබුවේ, 1971 වසරේ ඇමරිකාවේ Stanford විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඇලෙක්සැන්ඩර් ජෝර්ජ් මහතා විසිනි. ඒ එවකට ඇමරිකාව විසින් ලාඕසය, කියුබාව හා වියට්නාමය කෙරේ ක්‍රියාත්මක කළ ප්‍රතිපත්තිය හඳුන්වා දෙමිනි. ප්‍රචණ්ඩකාරී බලයෙන් තර්ජන එල්ලකිරීම, දේශපාලනිකව හුදකලා කරවීම, ආර්ථික සම්බාධක පැණවීම, තාක්ෂණ තහනම් වැනි විධිවිධාන එහි කේන්ද්‍රීය අන්තර්ගතයන් වේ. සෙසු රටවලට ඇමරිකාවේ  අවශ්‍යතාවට අනුකූල වීමට බල කරමින් ඇමරිකාවේ උපායමාර්ගික ඉලක්ක ඉටු කර, එරටේ ආධිපත්‍යය  තහවුරු කිරීම එහි අරමුණයි.

‍මේ ලෝකයේ තර්ජන ඉල්ලා සිටියේ කවර රට ද? ජාත්‍යන්තර පටිපාටිය හා බහුපාර්ශ්වික නියමයන් විනාශ කරනු ලැබුවේ කවර රට විසින් ද? මෙවන් ප්‍රශ්නවලට පිළිතුරු, ලෝකවාසී ජනතාව ඉතාමත්ම පැහැදිලිව දන්නා බව කිව යුතුය.

The post බලහත්කාර රාජ්‍යතාන්ත්‍රික භාවය ඇමරිකාවේම නිමැවුමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG