හංවැල්ල කුමාරි ඇල්ලේ දිය නෑමට ගොස් අතුරුදන්වූ තරුණියන් තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු සොයා තවමත් මෙහෙයුම් සිදු කෙරෙනවා.
සැඩ පහරට හසුවී ගසාගෙන ගිය තරුණියන් තිදෙනාගෙන් 16 හැවිරිදි තරුණියගේ සිරුර සොයා ගැනීමට ඊයේ හැකිවුණා.
කුමාරි ඇල්ල නමැති මෙම ස්ථානයේ දියනෑමට තරුණ තරුණියන් අට දෙනෙකුගෙන් යුත් පිරිසක් පැමිණ තිබුණා. එම පිරිස දිය නාමින් සිටින අතර කළු අදුර සහ හේවාහින්න ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ඇල්ලේ ජල ප්‍රමාණය එකවර ඉහළ ගොස් ඇති බවයි අප වාර්තා කරුවන් පැවසුවේ. ඒ සමග මෙම තරුණියන් තිදෙනා ද ගසාගෙන ගොස් තිබෙනවා. යාපනය ප්‍රදේශයේ සිට කෙරවලපිටිය ප්‍රදේශයේ ඥාතියෙකුගේ නිවසට පැමිණ සිටි එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු ද අතුරුදන් වූ පිරිසට අයත්. අතුරදන් වූයේ කෙරවලපිටිය හැදල වේවන් ජේසුදාසන්, යාපනය කොන්වන්ට් පාර එඩ්මන් දේවදාස් උෂාරා සහ එඩ්මන් දේවදාස් මිදූෂා යන තරුණියනුයි. දේවදාස් උෂාරා නමැති තරුණියගේ සිරුර සොයා ගෙන තිබෙනවා.
අනෙක් දෙදෙනා සෙවීම සදහා යුද හමුදාව සහ පොලිසිය ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වන්නේ.
The post කුමාරි ඇල්ලේ සැඟවුණු කුමාරියන් දෙදෙනා සොයන්න අදත් මෙහෙයුම් appeared first on ITN News.
Post a Comment