Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාවේ පූජනීය ස්ථානයක සිදුවූ තෙරපීමකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

ඉන්දියාවේ පූජනීය ස්ථානයක සිදුවූ තෙරපීමකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරෙන් තවත් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ. ඔවුන්ගෙන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බව ද රොහල් ආරංචිමාර්ග සදහන් කරනවා. නව වසරේ උදාව සැමරීමට හා දේව ආශිර්වාද ලබාගැනීම සදහා බැතිමතුන් විශාල පිරිසක් එම පූජනීය ස්ථානය වෙත පැමිණ තිබෙනවා. එක්වරම තෙරපීමක් හටගෙන  ඇති අතර එහිදීයි මෙම පිරිස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ. ජම්මු කාශ්මීරයේ පිහිටා ඇති මෙම පූජනීය ස්ථානයේ සිදුවූ අනතුර සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකරන ලෙස අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ආරක්ෂක අංශ වෙත නියෝග ලබාදී තිබෙනවා. සිද්ධිය පිළිබද තමා පෞද්ගලිකව අවධානය යොමුකර ඇති බවද අග්‍රාමාත්‍යවරයා පවසනවා.

පූජාභූමිය තුළට ඇතුළුවීමට අවසරපත් නොමැතිව සිටි බැතිමතුන් විශාල පිරිසක් එක්වරම එයට ඇතුළුවීමට උත්සාහ කිරීම තෙරපීම හටගැනීමට හේතුවී ඇති බවයි ආරක්ෂක අංශ සදහන් කරන්නේ.

 

 

 

The post ඉන්දියාවේ පූජනීය ස්ථානයක සිදුවූ තෙරපීමකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG