Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුරෝපා සංගමයට ඇතුළත්වීම සඳහා යුක්රේන ජනපති අත්සන් තබයි  

Add comments

යුරෝපා සංගමයට ඇතුළත්වීම සදහා සිදුකෙරෙන ඉල්ලීමට යුක්රේන ජනාධිපතිවරයා අත්සන් තබා තිබෙනවා. ඉල්ලීමත් සමග යුරෝපා පාර්ලිමේන්තුව ඉදිරියේ යුක්රේන ජාතික කොඩිය ඔසවන ආකාරය ද මාධ්‍ය වාර්තා කළා.

බෙලරූස් රාජ්‍යයේ ගෝමේල් නගරයේ පැය 5 කට ආසන්න කාලයක් ඊයේ පැවති රුසියා යුක්‍රේන සාම සාකච්ඡා විසදුමකින් තොරව අවසන් වුණා. කෙසේ වුවද ඉදිරි දින කිහිපය තුලදී දෙවන වටයේ සාකච්ඡා ආරම්භ කරන බවයි රුසියාව නිවේදනය කරන්නේ.

මේ අතර කාකයිෆ් නිදහස් චතුරශ්‍රයට රුසියා මිසයිල ප්‍රහාරයක් එල්ලවන ආකාරය ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා. එම ප්‍රහාරයෙන් සාමාන්‍ය වැසියන් විශාල සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවටයි සැක පළකෙරෙන්නේ.

රුසියා ප්‍රහාරවලින් මියයන යුක්රේන වැසියන් සංඛ්‍යාව ඉහළ යාමත් සමග රුසියාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ලවෙමින් පවතිනවා. සාමාන්‍ය වැසියන් 350 කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර යුක්‍රේනය හැර ගොස් ඇති සංඛ්‍යාව ලක්ෂ 5 කට අධිකයි. සාම සාකච්ඡා පැවැත්වෙන අතරතුරදීද කියෙව්,  කාකයිෆ් හා කාසන්  යන නගර ඉලක්ක කර ගනිමින් රුසියා හමුදාව ප්‍රහාර රැසක් එල්ලකළා. දකුණු දිග යුක්‍රේනයේ කාසන් නගරයේ ගුවන්තොටුපොල දෙසින් දැවැන්ත පිපිරුම් හඩක් ඇසුනු බවයි යුක්රේන වැසියන් සදහන් කරන්නේ. නගරය රුසියානු හමුදාව සම්පූර්ණයෙන් වටකළද තවමත් යුක්‍රේන හමුදාව එහි බලය හිමිකර ගෙන සිටිනවා. චර්නිහිෆ් නගරයට ද මිසයිල ප්‍රහාරය කිහිපයක් එල්ලවී ඇති බව සදහන්. නගරයේ ගබඩා සංකීර්ණයක් ද සම්පූර්ණයෙන්ම විනාශ වුණා.  බර්ඩියන්ස්ක් නගරය තම පාලනයට නතු වූ බව රුසියා හමුදාව නිවේදනය කරනවා. නගරය තුල රුසියා හමුදාවට අයත් සන්නද්ධ රථ සැරිසරන ආකාරය මාධ්‍ය වාර්තා කළා. කෙසේ වුවද නගරය ආසන්නයේ පිහිටා ඇති න්‍යෂ්ඨික බලාගාරය  තවමත් පවතින්නේ යුක්‍රේන පාලනයේයි.

යුක්රේනයේ ඔක්ටිර්කා නගරයේ හමුදා කදවුරක් ඉලක්ක කරගිනිමින් රුසියාව එල්ල කළ ප්‍රහාරවලින් යුක්රේන සෙබලුන් 70 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වුණා. මිසයිල ප්‍රහාරයෙන් මිය ගිය සෙබලුන් වීරයන් ලෙස සළකන බවයි යුක්රේන පාර්ලිමේන්තුව නිවේදනය කරන්නේ.

අද උදෑසන ද කියෙව්,  ටර්නොපිල්,  වින්යෙට්සියා,  රිවේන්,  චර්කාසි හා කෝපෙන්නිට්ස්කි  යන නගරවල ගුවන් ප්‍රහාර එල්ල වන බවට අනතුරු ඇගවෙන සයිරන් නාදය නිකුත් කෙරුණා.

සැතපුම් 40ක් පමණ දිග රුසියානු සන්නාහ සන්නද්ධ රථ පෙළක් යුක්‍රේනයේ කියෙව් අගනුවර දෙසට ගමන් කරමින් සිටින ආකාරය දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූප නිකුත් කෙරුණා.  ඒත් සමග අද හෝ හෙට දිනය තුලදී කියෙව් නගරයට දැවැන්ත ප්‍රහාරයක් එල්ලවනු ඇති බවට අනුමාන කෙරෙනවා.

ඇමෙරිකාව යුරෝපා සංගමය ඇතුලු බටහිර රටවල සම්බාධක හමුවේ ඊයේ දිනයේ දී රුසියාවේ රූබලයේ අගය ඩොලරයට සාපේක්ෂව සියයට 30කින් පමණ අවම වුණා. සම්බාධකවලට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් රුසියාවේ සිට වෙනත් රටවලට මුදල් යැවීම තහනම් කිරීමට රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පියවර ගත්තා. මේ අතර රුසියාවේ දුරකතන අංක යුක්‍රේනය තුලදී භාවිත කිරීමට ඇති හැකියාව  බිද දැමීමට යුක්‍රේන සන්දේශන නියාමන අධිකාරිය කටයුතු කළා. යුද පිටියේදී සන්නිවේදන කටයුතු සදහා රුසියානු සෙබලුන් තම ජංගම දුරකතන යොදා ගැනීම ඊට හේතුවයි.

ජගත් සංවිධානයේ සේවයේ නියුතු රුසියා රාජ්‍ය තාන්ත්‍රිකයින් 12 දෙනෙකුට මාර්තු 7 වන දින වන විට ඇමෙරිකාවෙන් පිටව යන ලෙස දැනුම් දී තිබෙනවා. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සලකා මෙම තීරණය ගත් බවයි ඇමෙරිකාව නිවේදනය කරන්නේ.

මේ වන විට යුක්රේනයට රුසියා හමුදා සියයට 75 ක් පමණ ඇතුළු වී ඇති බව නවතම වාර්තාවක දැක්වෙනවා. බෙලරුස් රාජ්‍යයේ සිට යුක්රේනයට ඇතුළු වන රුසියා හමුදා ඛණ්ඩ සංඛ්‍යාව ඉහළ දැමීමටයි ඔවුන් පියවර ගෙන ඇත්‍තේ. එමගින් කියෙව් අගනුවර බලය තහවුරු කර ගැනීම රුසියා හමුදාවේ මූලික අරමුණ වී තිබෙනවා.  යුක්රේන හමුදාව රුසියා හමුදා ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කිරීම පසෙකලා තම නගර ආරක්ෂා කිරීමට උත්සාහ කරන බව ද සදහන්.

රුසියාවෙන් බොරතෙල් ආනයනය අත්හිටුවීමට කැනඩාව තීරණය කළා. එමෙන්ම යුක්රේනයට අවශ්‍ය යුධ ටැංකි නාශක අවි ලබාදීමට පියවර ගන්නා බවයි කැනඩා අග්‍රාමාත්‍යවරයා සදහන් කරන්නේ. යුරෝපා කලාපයට අවශ්‍ය ගෑස් සැපයීම රුසියාවෙන් සිදුකෙරෙන අතර එම කලාපයට ගෑස් සැපයීමට තමන් සූදානම් බව ඇල්ජීරියාව නිවේදනය කරනවා.

මේ අතර ජගත් සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයේ රුසියාවට හිමිව තිබූ සභාපති ධුරය ඊයේ දිනයෙන් අවසන් වුණා. සාමාජික රටවල් අතර මසකට වරක් සභාපතිත්වය හුවමාරු වන අතර පෙබරවාරි මාසයේ සභාපතිත්වය හිමිව තිබුණේ රුසියාවටයි. යුක්රේන රුසියා යුද ගැටුම් සම්බන්ධයෙන් විශේෂ සැසිවාරයක් ඊයේ ජගත් සංවිධානයේ දී පැවැත්වුණා. රුසියාවට විරුද්ධව ඉදිරි දින කීපය තුළදී යෝජනාවක් ගෙන ඒමට නියමිත අතර එය සම්මත කිරීමට තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය වනවා.

යුක්රේනය එල්ල කළ ප්‍රති ප්‍රහාරවලින් රුසියා හමුදා සෙබලුන් පන්දහස් හත්සියයකට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව යුක්රේනය නිවේදනය කරනවා. රුසියා සෙබලුන් 200 කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගැනීමට ද යුක්රේනය සමත්ව තිබෙනවා. කෙසේ වුවද මෙම තොරතුරු මේ වන තෙක් ස්වාධීනව තහවුරු කර නැහැ.

 

 

The post යුරෝපා සංගමයට ඇතුළත්වීම සඳහා යුක්රේන ජනපති අත්සන් තබයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG