Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අද විදුලි කප්පාදුව පැය 2කට පමණක් සීමා කෙරේ  

Add comments

අද දිනයේදී සිදුවන විදුලි කප්පාදුව පැය දෙකකට පමණක් සීමා කිරීමට විදුලි බල මණ්ඩලය පියවර ගෙන තිබෙනවා. බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන ලැබීම සහ සති අන්තයේ විදුලි පරිභෝජනය අවම වීම හේතුවෙන් මෙලෙස විදුලි කප්පාදුව අඩු කිරිමට පියවර ගත් බවයි විදුලිබල මණ්ඩලය සඳහන් කරන්නේ.

මේ අතර ලබන 13, 14 හා 15 යන අවුරුදු දිනයන්වලදි ද කිසිදු කප්පාදුවකින් තොරව විදුලිය ලබාදීමට ද විදුලි බල මණ්ඩලය පසුගියදා තීරණය කළා.

අද සහ හෙට දිනයේදී විදුලි කප්පාදුව අවම කිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. ඒ අනුව අද දිනයේදී A B C F E F G H I J K L යන කලාප සදහා පස්වරු 03 ත් රාත්‍රී 09 ත් අතර පැය දෙකක කාලයක් ද P Q R S T U V W යන කලාප සදහා පස්වරු 3 සිට රාත්‍රී 10 දක්වා කාලය තුළ පැය දෙකක් ද විදුලිය විසන්ධි වනවා. හෙට දිනයේදී  ඉහත කලාප කාණ්ඩ දෙක සදහාම විදුලිය විසන්ධි වන්නේ සවස 06 ත් රාත්‍රී 10 ත් අතර පැයක පමණ කාලයක් සදහා පමණයි.  අද සහ හෙට කොළඹ ප්‍රමුඛතා කලාපයේද  විදුලිය විසන්ධි වන්නේ පැය තුනයි මිනිත්තු 30 ක කාලයක් සඳහා පමණයි. ලබන සදුදා සහ අගහරුවාදාත් විදුලි විසන්ධි වන්නේ පැය දෙකයි විනාඩි 15ක කාලයක් සඳහා බවයි විදුලි බල මණ්ඩලය නිවේදනය කරන්නේ.

ලබන 13 සහ 14 සහ 15 එනම් අලුත් අවුරුදු දින වලදී විදුලි කප්පාදුවක් සිදු නොවන බවයි මහජන උපයෝගීතා කොමිසන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා වැඩි දුරටත් පවසන්නේ.

බලාගාර සදහා අවශ්‍ය ඉන්ධන මේ වන විට ලැබෙමින් පවතින බැවින් ඉදිරි දිනයන්වලදී විදුලිය කප්පාදු කරන කාලසීමාවද අවම විය හැකි බවයි ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේ.

 

 

The post අද විදුලි කප්පාදුව පැය 2කට පමණක් සීමා කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG