Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්ධන තොග එක්රැස් කිරීමෙන් වළකින්න  

Add comments

මේ මාසයට අවශ්‍ය කෙරෙන ඉන්ධන මෙට්‍රික් ටොන් දෙලක්ෂ හැටපන්දහසක ප්‍රමාණය ආනයනය සදහා දැනටමත් පියවර ගෙන තිබෙනවා.

එය සාමාන්‍යයෙන් මාසයක ඉන්ධන අවශ්‍යතාවටත් වඩා වැඩි ප්‍රමාණයක් බවයි ඛණිජතෙල් නීතිගත සංස්ථාව සදහන් කරන්නේ. අවශ්‍ය ප්‍රමාණයට පමණක් ඉන්ධන ලබාගෙන තොග එක්රැස් කිරීමෙන් වළකින ලෙසයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. සති දෙකකට ආසන්න කාලයක් මෙරට මුහුදු සීමාවේ නැංගුරම්ලා තිබූ ඩීසල් මෙට්‍රික් ටොන් 37300 ක් අඩංගු නෞකාවෙන් ගොඩ බාන ලද ඉන්ධන පිරවුම්හල් වෙත බෙදා හැරීම ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර තිස්සමහාරාම ඉන්ධන පිරවුම්හලකක අක්‍රමකතා රැසක් සිදුවන බවට වාර්තා වනවා. තිස්සමහාරාම ජූල්පල්ලම ඉන්ධන පිරවුම්හල් සේවකයින්ගේ හිතවතුන්ට ඉන්ධන තොග බුලිවලට නිකුත් කිරිම හරහා පාරිභෝගික ජනතාවට ඉන්ධන ලබාගැනීමට නොහැකිව දැඩි අපහසුතාවකට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.

 

The post ඉන්ධන තොග එක්රැස් කිරීමෙන් වළකින්න appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG