Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වැසි තත්වය තවදුරටත්  

Add comments

දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේ තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

වැලිමඩ සානුවට අධික වැසි ලැබීමත් සමග උමා ඔය පිටාර ගලමින් පවතිනවා. ඌව පරණගම පැවති වියළි කාලගුණය අවසන් කරමින් අධික වැසි ලැබීමත් සමගයි උමා ඔය පිටාර ගලන තත්ත්වයට පත්ව ඇත්තේ. එමෙන්ම ඌව පරණගම රංහවඩිගම ශ්‍රී බෝධි අංගනාරාම විහාරස්ථානයට අකුණු සැර වැදීමෙන් සංඝාවාසයට හානි සිදුවුණා. එමෙන්ම ජාතික තරුණ සේවා සභාව මගින් පවත්වාගෙන යන විද්‍යුත් පුස්තකාලයට ද හානි සිදුව තිබෙනවා.

මාතලේ වටගොඩ ප්‍රධාන මාර්ගයට ගල්පෙරලීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිටියා. පසුගිය දින කිහිපයේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග මෙම ගල් පෙරලීම සිදුව තිබෙනවා. මේ අනුව ප්‍රදේශයේ පවුල් දහසකට පමණ අයත් පිරිසකගේ ගමනාගමන කටයුතුවලට දැඩි බලපෑම් එල්ලවුණා.

උතුරු පළාතට ද තද වැසි ලැබෙමින් පවතිනවා. අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශය පුරා අදුරු කාලගුණ තත්ත්වයකුයි පවතින්නේ. රථවාහන ධාවනයේ දී කල්පනාකාරී වන ලෙස පොලිසිය දැනුම් දෙනවා.

 

The post වැසි තත්වය තවදුරටත් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG