Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මිලියනයක් ගොල්ෆේස් ගේන්න සැලසුම්කළ නිර්පාක්ෂික ජනතා අරගලය (VIDEO)  

Add comments

දිවයිනේ ස්ථාන කිහිපයක අද දිනයේද උද්ඝෝෂණ හා පෙළපාලි පැවැත්වෙනවා.ඒ අතරින් ප්‍රධානතම විරෝධතා පෙලපාලිය පැවැත්වෙන්නේ කොළඹ ගාලුමෝදර ක්‍රීඩාපිටිය කේන්ද්‍ර කර ගනිමිනි.  මේ අතර කටුවාපිටිය  ප්‍රදේශයේ ජනතාව ද තමන්ට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලමින්  අද පාගමනින් කොළඹට පැමිණියා.

ගෑස්, ඉන්ධන, විදුලිය හිඟවීම  හා තවත් ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් අද උදෑසන සිට ගාලුමුවදොර පිටිය වෙත විවිධ ප්‍රදේශ වලින් ජනතාව පැමිණියා. නිර්පාක්ෂික ජනතා අරගලය නමිනුයි මෙය නම්කර තිබුණේ. සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සම්බන්ධීකරණය සිදු කරමින් ඔවුන් මෙලෙස සංවිධාන වී තිබෙනවා. තරුණ, තරුණයින් විශාල පිරිසක් මීට එක්ව සිටියා. විශ්වවිද්‍යාල සිසුන්ද නුගේගොඩට පැමිණ හයිලෙවල් පාර ඔස්සේ ගාලුමුවදොර පිටියට ළගාවුණා. කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටින්ද පිරිස් පාගමනින් විරෝධතාවයට එක්වුණේ මේ අයුරින්. කෙසේ වෙතත්  උද්ගෝෂණය හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය අසළ ආරක්ෂාවද තරකර තිබුණා.  දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් සංවිධානය වූ විරෝධතාකරුවන් පාගමනින්, සටන් පාඨ කියමින් ගාලුමුවදොර මැද පාර, ගාලුමුවදොර පිටිය, ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සහ උද්ඝෝෂණ පවත්වන පිටිය අසළට රැස්වී  තම විරෝධය පළකලා.

මේ අතර අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කටුවාපිටිය ජනතාව සංවිධාන කළ විරෝධතා පාගමනක් අද  පැවැත් වුනා. විරෝධතා කරුවන් මෙහිදි කටුවාපිටිය සිට කොළඹට පැමැණි අතර පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය කතෝලික ජනතාවට යුක්තිය ඉල්ලා සිටිමිනුයි ඔවුන් මෙම විරෝධතාව සංවිධානය කර තිබුනේ.

ඒ අතර කොළඹ ගාලුමුවදොර පිටියට ආණ්ඩුවට එරෙහිව පැවැත්වෙන උද්ගෝෂණ සදහා  මිලියනයක ජනතාවක් රැගෙන එන බවයි විරෝධතා සංවිධායකයින් සමාජ මාධ්‍ය ඔසසේ පසුගිය දින කිහිපය පුරාම සඳහන් කලේ.

The post මිලියනයක් ගොල්ෆේස් ගේන්න සැලසුම්කළ නිර්පාක්ෂික ජනතා අරගලය (VIDEO) appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG