Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය ශ්‍රී දළදා මාළිගාවේදී  

Add comments

සිංහල හා දෙමළ අලුත් අවුරුදු මංගල්‍යෙය් සුවිශේෂී නැකැත් චාරිත්‍රයක් වන හිස තෙල්ගෑමේ රාජ්‍ය උත්සවය මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ ඓයිහාසික නාථ දේවාලයේදී සිදුකෙරුණා.

පුරාණ චාරිත්‍ර අනුගමනය කරමිනුයි හිස තෙල්ගෑමේ උත්සවය පැවැත්වුණේ.  උත්සවය මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම ස්වාමීන්වහන්සේගේ සහ අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වේඩරුවේ උපාලි යන ස්වාමීන්වහන්සේගේ අනුශාසකත්වයෙන් පැවැත්වුණා. ශ්‍රී දළදා මාළිගාවේ ඇත් පන්තියේ තායි රාජා ඇතුලු අලි ඇතුන්ගේ හිස තෙල්ගෑම ද මීට සමගාමීව සිදුකෙරුණා. මෙම අවස්ථාවට දේශපාලන නියෝජිතයන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියා.

අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් අභියසදීද හිස තෙල් ගෑමේ චාරිත්‍ර සිදු කෙරුණා. එහි අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන්. දිස්ත්‍රික් ආයුර්වේද දෙපාර්තමේන්තුවයි උත්සවය සංවිධාන කළේ.

ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සංවිධාන කළ හිසතෙල් ගෑමේ උත්සවය මාතර කඹුරුපිටිය සපුගොඩ ඉලංගංගොඩ රජමහා විහාරස්ථානයේදී පැවැත්වුණා. පූජ්‍ය කිරින්දේ උදිත ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙනුයි මෙම වැඩසටහන ක්‍රියාත්මක වුණේ. ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නිඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් හිසතෙල් ගෑමේ උත්සවයක් කොටබකිනිය ආදිවාසී ගම්මානයේදී සිදු කෙරුණා. ආදිවාසී නායකයාගේ බාල සහෝදරයෙකු වන ගුණබණ්ඩියා ඇත්තන්ගේ හිසතෙල් ගල්වා චාරිත්‍ර ආරම්භ කෙරුණා.

බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයේ හිසතෙල් ගෑමේ උත්සවය ආචාර්ය  පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ අනුශාසකත්වයෙන් පැවැත්වුණා. මෙම අවස්ථාවට දේශපාලනඥයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.

දකුණු පළාත් හිසතෙල් ගෑමේ මහෝත්සවය උණවටුන යටගල ඓතිහාසික රජමහා විහාරස්ථානයේදී පැවැත්වුණා. ඒ පූජ්‍ය මැටරඹ හේමරතන ස්වාමීන් වහන්සේ ඇතුළු ගිහි පැවිදි බොහෝ පිරිසකගේ සහභාගීත්වයෙන්.

කෝට්ටේ රජමහා විහාරයේ සපුමල් බණ්ඩාර දැඩිමුණ්ඩ මහා දේවාලයේ හිස තෙල් ගෑමේ උත්සවය පැවැත්වුණේ විහාරාධිපති පූජ්‍ය අලුත්නුවර අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන්. කෝට්ටේ රජමහා විහාරයේ කෝට්ටේ රාජා ,  සුරතල් රාජා, යන ඇතුන්ගේ හිසතෙල් ගෑමද මීට සමගාමීව සිදු කෙරුණා.

මාලඹේ පිට්ටුගල ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලයේ හිසතෙල් ගෑම පූජ්‍ය බෝදාගම සීලවිමල ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ගම්වාසීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

පින්නවල අලි අනාථාගාරයේ අලි ඇතුන්ගේ හිස තෙල් ගෑමේ උත්සවයක් ද අද සංවිධාන කර තිබුණා. පසුගියදා පින්නවලදී උපන් නිවුන් අලි පැටවුන් දෙදෙනා වන දිසා සහ සජ්ජන  දෙදෙනාට ද හිස තෙල් ගැල්වීම විශේෂත්වයක්.

ගුලවිට කටුදොර ගලපිට පුරාණ මහා විහාරස්ථානයේදීද හිස තෙල් ගෑමේ උත්සවයක් පැවැත්වුණා. ඒ විහාරාධිපති පූජ්‍ය කටුදොර සුමන ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්. විහාරස්ථානයේ දායකයන් ඇතුළු ප්‍රදේශවාසීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. *

 

 

 

 

 

 

 

The post හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය ශ්‍රී දළදා මාළිගාවේදී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG