Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුක්‍රේන මිසයිල ප්‍රහාරයකින් විනාශයට පත් වු මොස්ක්වා නෞකාව සැමරීමේ උත්සවයක් ක්‍රිමියාවේදි  

Add comments

ඇමරිකා එක්සත් ජනපදය සහ මිත්‍ර රටවල් යුක්‍රේනයට දිගින් දිගටම අවි ආයුධ සැපයිම සිදු කළ හොත් නොසිතු විරු ගැටලු වලට බටහිර ලෝකයට මුහුණ පෑමට සිදු වනු ඇතැයි රුසියාව අනතුරු අගවනවා.

ඇමරිකා එක්සත් ජනපදය  දැනටමත් ඇමරිකා ඩොලර් මිලියන 800 ක යුධ ආධාර යුක්‍රේනයට ලබා දිමට පියවර ගෙන තිබෙනවා මෙම ක්‍රියාවට තමන් දැඩි ලෙස විරුද්ධ බවයි රුසියාව ඇමරිකා එක්සත් ජනපදය  නිල වශයෙන් දැනුම් දි ඇත්තේ. මේ අතර යුක්‍රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි සදහන් කර ඇත්තේ රුසියාවෙන් න්‍යශ්ටික ප්‍රහාරයක් එල්ල විමේ දැඩි අවධානමක් පවතින බවයි . මේ සම්බන්ධයෙන් ලොව සියලු රටවල් අවධානය යොමු කළ යුතු බව ද ඔහු කියා සිටියා .

යුක්‍රේන මිසයිල ප්‍රහාරයකින් විනාශයට පත් වු මොස්ක්වා නෞකාව සැමරීමේ උත්සවයක් ක්‍රිමියාවේදි පැවැත්වුනා. නෞකාව විනාශයට පත්වීම රුසියාවේ අභිමානයට එල්ල වූ බරපතල හානියක් බවයි විශ්ලේෂකයන් පවසන්නේ. මේ හේතුවෙන් යුක්රේනයට එරෙහි විශේෂ හමුදා මෙහෙයුමක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවට රුසියා ජනාධිපති ව්ලැද්මීර් පුටීන් නැවත නැවතත් අවධාරණය කර තිබෙනවා. මෙම නෞකාව මිසයිල විදීම සදහා භාවිත කළ හමුදා ශක්තිය අතින් ඉතා ඉහළ නෞකාවක් බවයි යුද විශ්ලේෂකයන් පවසන්නේ. නෞකාව සෝවියට් යුගයේදී නිර්මාණය කර ඇති අතර 1980 දශකයේදී යුද මෙහෙයුම් සදහා භාවිත කෙරුණා. මොස්ක්වා නෞකාව සිරියාවේද මීට පෙර යුද මෙහෙයුම්වල නිරතව සිටියා.

 

The post යුක්‍රේන මිසයිල ප්‍රහාරයකින් විනාශයට පත් වු මොස්ක්වා නෞකාව සැමරීමේ උත්සවයක් ක්‍රිමියාවේදි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG