Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අලුත් අවුරුද්ද වෙනුවෙන් අද සිට විශේෂ දුම්රිය සේවා  

Add comments

අලුත් අවුරුද්ද වෙනුවෙන් අද සිට විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මකයි. අමතර මැදිරිද එක්කර ගනිමින් ලබන 17 වනදා තෙක් විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගමනාගමන හා මාධ්‍ය ප්‍රකාශක ගාමිණී සෙනෙවිරත්න මහතා පවසන්නේ.

අවුරුදු සමයේ වැඩි වශයෙන් මගීන් සිටින ස්ථාන බලා එම ගමනාන්ත දක්වා දුම්රිය ධාවනය කරන බව දුම්රිය බලධාරීන් පවසනවා. ඒ අනුව  මරදාන , බෙලිඅත්ත , මාතර අතර දුම්රිය 10ක් දෛනිකව ධාවනය කෙරෙනවා. ප්‍රධාන මාර්ගයේ දුම්රිය 12ක් ධාවනයට නියමිතයි. කොළඹ කොටුව මහනුවර , බදුල්ල දක්වාත් කොළඹ කොටුව ත්‍රිකුණාමලය මඩකලපුව දක්වාත් දෛනිකව දුම්රිය තුනක් ධාවනය කෙරෙනවා. පුත්තලම මාර්ගයේද දිනපතා දුම්රිය 4ක් ධාවනය කෙරෙන බවයි දුම්රිය බලධාරීන් පවසන්නේ.

යාපනය මාර්ගයේ ධාවනය කෙරෙන දුම්රිය සංඛ්‍යාව 11 ක්. මේ අනුව දිනපතා දුම්රිය 22 ක් ධාවනයට එක්කර තිබෙනවා. මෙම සියලු දුම්රිය ලබන 17 වනදා තෙක් ධාවනය කෙරෙනවා. කෙසේ වෙතත් අවුරුදු දින දෙක තුළ දුම්රිය කිහිපයක් පමණක් ධාවනය වන්නේ නැහැ.  දුර පළාත්වල සිට 18/19 යන දිනවලද අදාළ දුම්රියන් යළි පැමිණීමට කටයුතු යොදා තිබෙනවා. මගීන්ගේ වැඩිවීම අනුව හදිසි අවස්ථාවන් සඳහා යෙදවීමට දුම්රිය කිහිපයක් සූදානම් කර ඇති බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා  තවදුරටත් සඳහන් කරන්නේ.

The post අලුත් අවුරුද්ද වෙනුවෙන් අද සිට විශේෂ දුම්රිය සේවා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG