Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තවමත් මුදල් ඇමති අලි සබ්රි  

Add comments

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා තවදුරටත් කටයුතු කරනවා.

මීට දින කිහිපයකට පෙර මුදල් අමාත්‍යවරයා ලෙස පත් කෙරුණු අලි සබ්රි මහතා දිනක් ගතවීමටත් පෙර සිය ධුරයෙන් ඉල්ලා අස් වීමේ ලිපිය  ජනාධිපතිවරයාට භාර දී තිබුණා. එහෙත් ජනාධිපතිතුමා එම ඉල්ලා අස්වීමේ ලිපිය භාරගෙන නැතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. එමෙන්ම පෞද්ගලික අංශයේ බොහෝ දෙනෙකුගේ ඉල්ලීම වූයේද  අලි සබ්රි මහතා තවදුරටත් මුදල් අමාත්‍ය ධුරයේ කටයුතු කළ යුතු බවයි. ඒ අනුව ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා ඉදිරියට මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරනවා.

 

 

 

The post තවමත් මුදල් ඇමති අලි සබ්රි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG