Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නේටෝ සංවිධානයෙන් යුක්රේනයට තවදුරටත් යුධ ආධාර  

Add comments

යුක්රේනයට තවදුරටත් යුධ ආධාර සැපයීමට නේටෝ සංවිධානය කටයුතු කරන බව  එහි මහලේකම් ජෙන්ස් ස්ටොල්ටෙන්බර්ග් පවසනවා.

කෙසේ වෙතත් යුක්රේනයට ලබා දෙන යුධ ආධාරවල විස්තර ප්‍රසිද්ධ නොකරන බවයි නේටෝ සංවිධානය සඳහන් කර ඇත්තේ. නේටෝ සංවිධානයේ මෙම වැඩපිළිවෙල ඇමෙරිකා එක්සත් ජනපදය ද අනුමත කළා. නේටෝ සංවිධානයට අයත් රටවල් රුසියාවට එරෙහිව ගුවන් ගමන් තහනම් කිරීමේ කලාපයක් ප්‍රකාශයට පත් කිරිමේ යුක්රේන ඉල්ලීම ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර තිබෙනවා. ඊට හේතුවී ඇත්තේ එවැනි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළහොත් නේටෝව සහ රුසියාව අතර සෘජු යුද්ධයක් ඇති වීම නිසා බවයි නේටෝ සංවිධානය සඳහන් කළේ.

 

 

The post නේටෝ සංවිධානයෙන් යුක්රේනයට තවදුරටත් යුධ ආධාර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG