Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සති අන්තයේ විසඳෙන ඉම්රාන් ඛාන්ගේ ඉරණම  

Add comments

පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉදිරි සති අන්තය තුළ ධුරයෙන් ඉවත් කිරීමේ ඉඩක් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයාට එරෙහිව පසුගියදා විපක්ෂයේ දේශපාලන පක්ෂ පාර්ලිමේන්තුවට ගෙන ආ විශ්වාසභංග යෝජනාව වළක්වමින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට පාලක පක්ෂය කටයුතු කළා.  එය ව්‍යවස්ථා විරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණය තිරණය කිරීමෙන් පසුව ඉම්රාන් ඛාන් ඉදිරි සති අන්තයේදී ධුරයෙන් ඉවත් කිරීමේ  අවදානම් සහගත තත්ත්වයට මුහුණපා තිබෙනවා. විසිරුවා හරිනු ලැබූ පාර්ලිමේන්තුව නැවතත්  කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇති අතර විශ්වාසභංග යෝජනාව ලබන සෙනසුරාදා විවාදයට ගැනෙනු ඇති. එහිදී ඉම්රාන් ඛාන්ගේ දේශපාලන පක්ෂය පරාජයට පත්වීමේ වැඩි ඉඩක් ඇති අතර විපක්ෂ දේශපාලන පක්ෂ එක්ව නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කර ගැනීමේ හැකියාවක් පවතිනවා. අලුතින් පත්වන අග්‍රාමාත්‍යවරයාට ලබන වසරේ අගෝස්තු මාසය තෙක් ආන්ඩුබලය හිමිවනවා.

 

The post සති අන්තයේ විසඳෙන ඉම්රාන් ඛාන්ගේ ඉරණම appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG