Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අලුත් අවුරුද්දට ගමේ යන්න විශේෂ ප්‍රවාහන සැලැස්මක්  

Add comments

එළඹෙන අලුත් අවුරුදු සමයේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිට දුරබැහැර ගම්බිම් බලා යන සහ එන මගීන් වෙනුවෙන්, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, ජාතික ගමනා ගමන කොමිෂන් සභාව, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීන් වලට අයත් බස් රථ සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව එක් කරගනිමින් ප්‍රවාහන අමාත්‍යාංශය විසින් විශේෂ ප්‍රවාහන සැලැස්මක් සකස්කර ඇත.

අප්‍රේල් මස 08 සිට 14 දක්වා කොළඹ සිට පිට පළාත් බලා යන හා අප්‍රේල් මස 17 සිට නැවත කොළඹ බලා පැමිණෙන මගීන් සඳහා දුම්රිය සහ බස්රථ ධාවනය කෙරේ.

කොළඹ කොටුව සිට ඇල්ල දක්වා දුම්රිය ගමන් වාර 13 ක්ද, කොළඹ සිට මඩකළපුව දක්වා ගමන්වාර 15ක් ද, කොළඹ කොටුව සිට බෙලිඅත්ත දක්වා දුම්රිය ගමන්වාර 08ක් ද,  කොළඹ කොටුව සිට පුත්තලම දක්වා දුම්රිය ගමන්වාර 04ක් ද ලෙස දෙදිසාවට දුම්රිය ධාවනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ කොළඹ සිට දිවයිනේ විවිධ පළාත් කරා යොදවා ඇති අතර අප්‍රේල් මස 08 බස් රථ 172ක් ද, එය දිනෙන් දින වැඩි කර අප්‍රේල් මස 12 වන විට බස් රථ 296ක් ධාවනයේ යෙදවීමටද සැලසුම් කර ඇත.

ඊට අතිරේකව අප්‍රේල් මස 08 සිට 15 දක්වා කාලයතුල බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය යටතේ කොළඹ සිට පිට පළාත් දක්වා බස් රථ 578ක්සාමාන්‍ය මාර්ගයේ සහ අධිවේගී මාර්ගයේ ධාවනය කෙරේ.

මගී ජනතාවගේ පානීය ජල අවශ්‍යතා ඇතුළු පහසුකම් බස් පර්යන්තයන්ට සම්පාදනය කර ඇත.කොවිඩ් පාලනය පිණිස සෞඛ්‍ය අංශ නිර්දේශ කර ඇති උපදෙස් අනුව කටයුතු කරන ලෙසත්, ගැට කපන්නන්ගෙන් ආරක්ෂා වන ලෙසත් ප්‍රවාහන අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටී.

විශේෂ ප්‍රවාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, ජාතික ගමනා ගමන කොමිෂන් සභාව, බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය ඇතුළු සියළුම පළාත්වල මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරීන්, ශ්‍රී ලංකා පොලීසිය, යුධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් රථ වාහන මූලස්ථානය, බල ශක්ති අමාත්‍යාංශය සහ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවද සහය වෙයි.

The post අලුත් අවුරුද්දට ගමේ යන්න විශේෂ ප්‍රවාහන සැලැස්මක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG