Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙවර හජ් වන්දනාවට යන්න මිලියනයකට අවස්ථාව  

Add comments

මෙවර හජ් වන්දනා සමයේදී මිලියනයක බැතිමතුන් පිරිසකට මක්කම වෙත පැමිණීමට අවස්ථාව ලබා දෙනබව සෞදි අරාබිය පවසනවා.

කොවිඩ් වසංගත තත්ත්වය නිසා පසුගිය වසර දෙක තුලදී හජ් වන්දනාවට පැමිණෙන බැතිමතුන් සංඛ්යාතව සීමා කිරීමට සෞදි අරාබිය කටයුතු කළා. මෙවර හජ් වන්දනාවට සහභාගී විමට අවසර ලැබෙන්නේ වයස අවුරුදු 65ට අඩු සහ කොරෝනා මර්දන එන්නත් සියල්ල ලබා ගෙන ඇති පුද්ගලයන්ට පමණයි. විදේශයන්ගෙන් පැමිණෙන බැතිමතුන් පීසීආර් පරික්ෂණ සිදුකර කොවිඩ් නොමැති බව තහවුරු කළ යුතු වනවා. සෞඛ්යත මාර්ගෝපදේශ අනුව හජ් වන්දනාව සිදු කිරීමට අවශ්‍ය  ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි සෞදි බලධාරීන් සදහන් කළේ. වසංගත තත්ත්වය ඇති වීමට පෙර හජ් වන්දනාව සදහා සෑම වසරකදීම ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් ලක්ෂ 25කට අධික සංඛ්යාවක් සහභාගී වනවා.

 

The post මෙවර හජ් වන්දනාවට යන්න මිලියනයකට අවස්ථාව appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG